(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල පොලිස් වසමේ ඉකුත් මැයි නම වෙනි දින සිදුවූ කලහ කාරී සිද්ධීන් 6කට මූලිකත්වය ගෙන ක්‍රියා කළ බව කියන සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් මහතා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර සංවිධායකවරයා අද දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල බිමේ හිටපු නිරායුධ ජනතාවට තාඩන, පීඩන කරපු අයව අල්ලන්නේ නෑ...?
වරදට දඬුවම් අවශ්‍යමයි. ආයේ එහි කිසිඳු විවාදයක් නැහැ. ඒත් මේ රටේ සෑබෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබේ නම්, නීතිය සැමට පොදුයි.. කියනා දේ පැහැදිලි ලෙස ඉෂ්ඨ වේ නම්, කුමන හේතුවක් නිසාද දන්නේ නැහැ සාමකාමී උද්ඝෝෂණ තිබූ රට අවුල් වියවුල් තත්ත්වයට ඇද දැමූ අරලිය ගහ මන්දිරයේ සිට සංවිධානය කළ ප්‍රහාරය ගැන නීති අංශවලට හා පොලිසියට හරිහැටි නොපෙනෙන්නේ. රෝග නිධානයට බෙහෙත් නොකොට, රෝගය සුවකරන්නට කොතෙක් උත්සාහ කළත්, එය සාර්ථක ව්‍යායාමයක් ලෙස පිළිගන්නට නම් බැරිය. එසේ කරන ප්‍රතිකාර ක්‍රමවලින් සිදුවනුයේ, රෝගය තව තවත් ඔඩු දුවන එක පමණයි...
ඇප එපා. දිගටම හිරේ...
මට හිතෙන්නේ මංකොල්ල කාපු ගෙවල් පුච්චපු අය අල්ලන්න එපා කියලා සමහර පක්ෂවල ලොක්කන් කියන්නේ මේ වැඩවලින් එයාලට කොටසක් ලැබිලා හින්දා....