
(යොහාන් භාසුර)
ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගියකු නීති විරෝධිව රැගෙන එන ලද රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල සේවයේ නියුතු නිලධාරීන් අද (2) උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පැවසීය.
එම රත්තරන් තොගය තුල රත්තරන් බිස්කට් 16 ක් සහ උනු කරන ලද රත්තරන් කැබලි 4 ක් තිබූ බවත් එහි මුළු බර ග්‍රෑම් 2098 ක් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පැවැත්වූ රේගු පරීක්ෂණයෙ දී එම රත්තරන් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් 50,000 දඩයක් නියම කළ බව ද සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණ්ඩියල් ක්‍රමයට මුදල් බාරගන්න අයගේ තවත් එක බිස්නස් එකක්.
මේ වගේ පොඩි අය තමයි අපේ රේගුවට අල්ලන්න පුළුවන්..!