
(ටී.කේ.ජී.කපිල)
රුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු පිරිසක් අද උදෑසන අත් අඩංගුවට ගත්හ.
රන් කිලෝ 09 යි ග්රැම් 500 ක් එහි තිබී ඇත.
ඔහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ගුවන් මගියෙකි . ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් සැකකරු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
සැකකරු ගමන් මලු තුළත් , මෙම ගුවන් තොටුපළ සේවිකාව තම අත් බෑගයේත් ග්රැම් 116.6 ක බරකින් යුතු රන් බිස්කට් 80 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම ලිහිල් වුණාම බය නැතිව ආයිත් කරනවාමයි! ඔය මනුස්සයා ඕක ඔයිට කලිනුත් කරන්න ඇති.. ඒක තමයි ආයි ගෙනාවේ... හැබැයි ඒවා රාජසන්තක කලා කියලා සඳහන් වෙලා නැත... අනික රත්තරන් හිරේ දාන්න බැරි නිසා නිදහස් කරයි...!
ඔය විදියට කොච්චර අල්ලන්න ඇද්ද? මොනවා වෙනවද කවුද දන්නේ? රත්තරන් හොරා ගැණත් රාවයක් තිබුණා..!
කට්ටිය මෙහෙ විරිත්තගෙන පින්තූරවලට ඉන්න අතරේ, තව කී දෙනෙක් රත්තරන් අරන් පැනලා යන්න ඇත්ද?
මෙහෙ එළියේ ඕනැතරම් ‘‘රන් බිස්කට්‘‘ තියෙනවා. ගණන් වැඩි නිසා ගන්න නැහැ...