IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වාහන පැති කණ්නාඩි ගැලවු දෙදෙනකු අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි  සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ  )
 
කුලියට ලබා ගත් මෝටර් රථයකින් ගොස් ’‘වැගන් ආර් ‘ වර්ගයේ මෝටර් රථ 41 ක පැති කණ්නාඩි සොරෙන් ගලවා විකුණූ බව කියන තරුණයින් තිදෙනෙකු සහ සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (06) සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
 
අතුරුගිරිය ප‍්‍රදේශයේ නිවසකට සොරෙන් ඇතුළු වී භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදු කළ  විමර්ශනයේදී සැකපිට අත්අඩංගුවට ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකුගෙන් ලද තොරතුරු මත මෙම සොරකම් අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
 
අත් අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු විසින් රුපියල්  හැටදහසක මාසික කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක් භාවිතා කරමින් තවත් තරුණයින් දෙදෙනෙකු යොදා ගනිමින් වාහන අලෙවිසල් ඇතුළු නවතා දමා තිබෙන ’‘වැගන් ආර්’’ වර්ගයේ මෝටර් රථ පමණක් තෝරා ගනිමින් එම රථවල සවිකර ඇති රුපියල් එක්ලක්ෂ විසි දහසක් පමණ වන පැති කණ්ණාඩි සොරෙන් ගලවා රුපියල් හතලිස් පන්දහසකට විකුණා ඇති බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි
 
සොරකම් කිරීම් සම්බන්ධව අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන්  තිදෙනා  මීගහවත්ත කඩවත අතුරුගිරිය, කොට්ටාව, මිරිහාන ආදී පොලිස් වසම්වල නිවාස කිහිපයක්ද බිඳ ලැප්ටොප්, මැනික් රන්  භාණ්ඩ,  කැමරා ආදියද සොරා ගෙන විකුණා තිබියදී සොයා ගත් බවත් සොරකම් කිරීම් සදහා යාමට යොදා ගත් කුලී මෝටර් රථයද අත් අඩංගුවට ගත් ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි
 
මෙසේ සොරකම් කරනු ලබන ’‘වැගන් ආර්‘‘ වර්ගයේ මෝටර් රථවල පැති කන්නාඩි නුගේගොඩ විජේරාම ප‍්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවියේ නිරත පුද්ගලයෙකුට විකුණා ඇති බවත් එම සොර බඩු මිලට ගැනීම සම්බන්ධයෙන් එම වෙළඳසලේ හිමිකරුවද සැකපිට අත් අඩංගුවට ගත් බවත් සොරා ගත් රන් භාණ්ඩ මිලදී ගත් හෝමාගම ප‍්‍රදේශයේ රණ් භාණ්ඩ  අලෙවිසලක කලමණාකරුවෙකුවද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
 
අත් අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක්වන එක් දරු පියෙක් වන බවද අනෙක් දෙදෙනා අතුරුගිරිය හෝකන්දර ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ 23 පුද්ගලයින් බවද පොලිසිය පවසයි

 



අදහස් (0)

වාහන පැති කණ්නාඩි ගැලවු දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site