
(රන්ජන් කටුගම්පොල)
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයට නොමිලේ විදුලිය සැපයීම මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලද සඳහන් කරමින් ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් 4 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය පසුව අනුප්‍රාප්තික සමාගම පෙතසමේ වගුත්තර වශයෙන් නම් කිරීමටද අධිකරණය අවසර ලබාදුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන දිලීප් නවාස් සහ සම්පත් විජේරත්නය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙතසම සලකා බැලීණ.
නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනුකොට ඇති මෙම පෙතසමෙහි වග උත්තරකරුවන් වශයෙන් හිටපු විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් නම් කරනු ලැබි සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ.දුශිත පව්ල් පාලනේ උන් වැඩ කෙරුවේ,අපේ රට උන්ගේ බූදලේ කියලා හිතාගෙන .
අයියෝ ඕක මොකක්ද, ලක්ෂ 26නේ. රට, ජාතිය, ආගම නැවත නැවතත් බේරගන්න, හෝද හෝද මඩේ දාන ජාතික වීරයන්ගෙන් පලිගන්න එපා.
මොකාගේ මගුල කිව්වා! මුන් මගුල් ගන්නේ, පින් කරගන්නේ, බල්ලෝ නාවගන්නේ, මේ ඔක්කෝම මිනිස්සුන්ගේ සල්ලිවලින්.
මැදමූලන චෞර පරාජ-පස්ස පරම්පරාවේ හොර අබ්බගාත නො-මොළයා කිව්වාට, රටම හොදගෙන කාපු එකා ගෙ මගුල් තුලාවටත් විදුලි බිල කාටහරි කියා ගෙවා ගැනීමට තරම් කූට මොළයක් මූට තිබිලා තියෙනවා !! ඕවා දකින්න පුළුවන් අය මෙරටෙ ඉන්න බව පෙනීම සතුටට කරුණකි ... ඔය මගුල් ගෙදර වතූර බිල්, පාරවල් නවීකරණය කිරීම ආදී එකී මෙකී නොකී සියලුම දෙවල් වෙනුවෙන් ඔය කියන චෞර පවුලේ අය කීයක් හරි වැය කරාද කියලා මගේ සීයා අහනවා. ඒවාත් චූට්ටක් හොයා බලන්න කවරු හරි සුපින්වතෙක් ඉදිරිපත් වෙයි කියලා මගේ ආච්චි ප්‍රාර්ථනා කරනවා ...
හරි සන්තෝෂයි මේව දකින කොට , මුන් රජවරු වගේ නේ හිටියෙ
මෝඩයින්ට හොරකම් කරලා දුන්නා මදිවට පිනටත් දීලා. විදුලි බලමන්ඩලයේ. සබාඔඅති හරි වැඩබලන එකාහරි අත්අඩංගුවට ගන්න. සෙවලයින්. නාකිමයිනගෙ. පින්ගුත්තරයින්ට මගුල් කන්න පිනට කරන්ට් එක දෙන්න. ජනතාවගෙ. බිල වැඩි කරනවා. මුන්ට කඩ්ඩෙ ගිය සේරමගෙ ඉරනම් වැලිකඩ. මෝඩ බේබි ගෙ හොරකම් කරපුවට පැදුන ගොබ්බයො ටික රැස්වෙන්න ඕන. විනිසුරුවන් ගෙදර අරින්නෙ. මුන්ගෙ කැරැට්ටුව ඒ අය දන්න නිසා
ඉස්සන් ඔළුවේ අසූචි තියාගෙන “මම සුදනා ” කියනවා.
බලන්න රාජපක්ෂලාගේ හොර වැඩවල් කොච්චර නම් රටට පාඩුවක්ද? මොවුන්ගෙන් රට මෙහෙම හරි බේරගන්න පුළුවන් වුණ එක හොදයි.
මහා හොරකම්, සිල්ලර හොරකමුත් කරපු උන්ගේ පස්සේ යන හරක් තාමත් ඉන්නවානේ... හැකර කටවල් නං තාම අඩු නැහැ...
" පිංගුත්තර " චරිතයද රඟපාලා තියෙන්නේ ? කනවා කියලා මෙහෙමත් කෑමක්. නොදකින් විතරක්.
රට හදන්න කලින් ණය ගෙවල අනුන්ගෙන් කන එක නතර කලොත් නරකද?