(චාපා මධුභාෂිණි සහ සරත් නිශ්ශංක වෙලගෙදර)

හබරණ කිතුල්ඔතුව ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ අධිබලැති යතුරු පැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරත් සමග යතුරු පැදිය ඇති වූ ගින්න අවට කැලෑවට ද පැතිර යාමෙන් අක්කර හයක් පුරා ගිනිගෙන විනාශ වූ  බව හබරණ පොලිසිය කියයි.

එම අනතුරින් යතුරු පැදිය පැදවූ තරුණයා මියගොස් ඇති අතර මෝටර් රථයේ ගමන් ගත් විදෙස් ජාතික යුවළක් තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.

හබරණ සිට කන්තලේ බලා ධාවනය වූ යතුරු පැදියක් සහ කන්තලේ සිට හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරට මුහුණ පා ඇත්තේ ඉන්දියාවේ සිට මෙරට සංචාරය සඳහා පැමිණි යුවළක් බවත් ඔවුන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කළ බව ගල්ඔය පොලිසිය පවසයි.

අනතුරින් බරපත තුවාල ලබා සිටි තරුණයා කන්තලේ රොහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඔහු අනුරාධපුර රොහලේ දි මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.