IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සිනා වීමේ වැදගත්කම

යම් කෙනකු සිනාමුසු මුහුණින් ප්‍රියමනාපව දවස අරඹනවානම් ඒ ක්‍රියාශීලීත්වය දිනයේ නිමාව තෙක් රඳවා තබා ගැනීමටත් හැකි නම් කෙතරම් අපූරුද? තරහව, කෝපය වැනි වෛරී සිතුවිලි දිනෙන් දිනම ඔබව රෝගියකු කරවයි. එබඳු මනෝභාවයක නොසිට නිරෝගීකම උදෙසා සිනහව කෙතරම් වැදගත්ද යන්න පහත කරුණු ඇසුරෙන් ඔබ තේරුම් ගන්නවා ඇත.

සිනහවෙන් අපේ මනෝභාව වෙනස් කළ හැකියි කියන කාරණය සමග ඔබ එකඟද? එය ඇත්තකි. එය නිතැතින්ම සිදු වන්නකි.

සිනහ වීම තුළ අපගේ මනෝභාව වෙනස් වීමට පටන් ගැනේ. Cortisol, Endorphins නිදහස් වීම සිදු වේ. සිනහව තුළ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ බොහොමයකි.

1)  හඬ නගා සිනහ වීමෙන් රුධිර පීඩනය අඩු කර ගැනීමට පුලුවනි.

2)  විඳ දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කර ගත හැකියි.

3)  ඔබ කිසියම් වේදනාවක පසු වේ නම් එම ගතිය බොහෝ දුරට අවම කරගත හැකිවේ.

4)  ආතතිකාරී අවස්ථාවක් නම් ආතතිය දුරු වේ

5)  ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිය වැඩි දියුණු වේ

6)  ඔබේ මුහුණ අලංකාර කෙරේ.

7)  අවට සිටින මිනිසුන්ගේ ප්‍රතිචාරය වෙනස් කිරීමට එකම එක සිනහවකට හැකි බව ඔබ දන්නවාද?

8)  තාරුණ්‍යය රැක ගැනීමට ඇති හොඳම අවස්ථාව සිනහවයි.

ඉහත ප්‍රතිලාභ සියල්ලම සිනහව තුළ රැඳී ඇත. නිරෝගීකම ගිලිහී යාමට ඉඩ නොතබන අපි ඒ උදෙසා යම් යම් බෙහෙත් හේත් පවා අධික මිල ගණන් ලබා දී බාහිරෙන් ලබා ගනී. ඒත් සිනහවකට එබඳු වැයවීම් නැත. ඇත්තේ උත්සාහයක් පමණි.

එබැවින් සමාජය ඉදිරියේ ප්‍රසන්න පුද්ගලයකු ලෙස හැසිරීමේ වගකීම ඇත්තේද ඔබ භාරයේ බව මතක තබා ගන්න. නිරෝගීකමත් , අලංකාරයත් එකවිට ලබා දෙන සිනහවකට මෙතරම් දුර යා හැකි බව ඔබ මොහොතකටවත් සිතුවාද?

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

සිනා වීමේ වැදගත්කම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site