IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


කෝන් ගසෙන් ආ මාරයා සිසුවා ඩැහැ ගනී

( පැතුම් දර්ශන)

හොරොව්පොතාන  මොරවැව ප්‍රදේශයේ හේනක නවතා තිබූ රෝද හතරේ ට්‍රැක්ටරයක රියදුරු අසුනේ වාඩිවී සිටි දාහතර හැවිරිදි සිසුවකු ගේ හිස මතට ඒ ආසන්නයේ ගිනි ගනිමින් තිබූ කෝන් ගසක් අද (16) දහවල් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන දුටුවව ප්‍රදේශයේ පදිංචි, දුටුවැව මහා විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සුන්දර සේනගේ චම්පික සුන්දර සේන නැමැති සිසුවෙකි.

මියගිය සිසුවා සිය ඥාති සොහොයුරෙකු ගේ ට්‍රැක්ටරයක නැගී අද (16) උදෑසන මොරවැව හේන් යායට පැමිණ ඇත්තේ සී සාන ආයුරු බලා සිටීමට බව පොලිසිය කියයි. ඔවුන් සමඟ තවත් ට්‍රැක්ටරයක් ද ඒ මොහොතේ එම හේන් යායේම සීසාමින් තිබී ඇති අතර එම ට්‍රැක්ටරයෙ කාර්මික දෝෂයක් හටගෙන තිබිණි.

පසුව මියගිය සිසුවා ගේ ඥාති සොහොයුරා ද තම ට්‍රැක්ටරය අසල තිබූ කෝන් ගසක් ලග නවතා කාර්මික දෝෂය ඇති වූ ට්‍රැක්ටරය පරික්ෂා කිරීමට ගොස් ඇති බවත් ඒ මොහොතේ මියගිය සිසුවා ඥාති සොහොයුරා පැදවූ ට්‍රැක්ටරයෙ රියදුරු අසුනට නැග වාඩි වී සිට ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය  කියයි. පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ඒ අවස්ථාවේදී ට්‍රැක්ටරය ආසන්නයේ තිබු දින ගණනක් ගිනිගෙන වැටීමට ආසන්නව තිබූ කෝන් ගස සිසුවා ගේ හිස මතට වැටී ඇති බවය.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිසුවා සුවසැරිය ගිලන් රථයකින්  රෝහලට පිටත් කිරීමට ඒ මොහොතේ එම ස්ථානයේ සිටි පිරිස කටයුතු කර තිබුණත් පසුව ඔහු මිය ගොස් තිබුණි

 

 



අදහස් (3)

කෝන් ගසෙන් ආ මාරයා සිසුවා ඩැහැ ගනී

ගොවිරාළ Saturday, 16 October 2021 04:47 PM

දරුවාට නිවන් සැප පතමි. ඇත්තටම රියදුරුට මොළයක් නැතුවද? ගිනිගෙන තිබුණු ගසක් යට වාහනය නවතා ගියේ..

:       1       23

උධුලි Saturday, 16 October 2021 11:46 PM

කව්ද ගිනිතියපු ගහක් යට වාහන නවත්තන්නේ. දරුවා ඔයාට නිවන්සුව පතමු.

:       0       2

චන්දන Sunday, 17 October 2021 09:47 AM

දරුවා වෙනුවෙන් ශෝකය පල කරමි. නමුත් ... කෝන් ගහ ඉබේම ගිනි ගන්නෙ නැහැ . කැලෑ එලි කිරීමේ ක්‍රමය තමා මේ. ස්වභාව ධර්මයා ගේ දඬුවම ක් නේද මේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 60 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site