‘දැනට දේශපාලනය කරන සියලු දෙනා ඉල්ලා අස්වී අලුත් පිරිසකට රට භාරදිය යුතු” යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඉතාලියේ මිලානෝ නුවර දී පැවසූහ.
“දැන් ඔය දේශපාලනය කරන අය ගෙදර යා යුතු යැයි ද අලුත් පිරිසක් දේශපාලනයට ප්‍රවේශ වියයුතු” යැයි ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මෙසේ පැවසුවේ ඉතාලියේ මිලානෝ නුවර අබාතේ දේවස්ථානයේදී 23 වැනිදා පැවති දේවමෙහෙයකදීය.
ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන් වෙනුවෙන් එම විශේෂ දේවමෙහෙය පැවති අතර අගරදගුරුතුමන් සිංහල භාෂාවෙන් දේව මෙහෙය පැවැත්වීම විශේෂත්වයක් විය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සියලු පාර්ශව පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරන බව ද අගරදගුරුතුමෝ වැඩිදුරටත් කීහ.
මේ දක්වා රට පාලනය කළ බොහෝ දේශපාලනඥයන් තමන් අසමතුන් බව ඔප්පු කර ඇතැයි ද කාදිනල්තුමෝ පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මෙසේ ද කියා සිටියහ.
“ඉතිහාසය පුරාම අපේ දේශපාලන නායකයන් මොනවද කළේ? පිල් බෙදිලා රට විනාශ කිරීම තමයි කළේ. දැන් ඔය දේශපාලනය කරන සියලුම දෙනා ඉල්ලා අස්විය යුතුයි. අලුත් පිරිසකට රට භාරදිය යුතුයි. තණ්හාව, බලලෝභය, කුලල් කා ගැනීම, අතහෝදා ගැනීම, වරද පැටවීම, මම නෙවෙයි එයයි ඕක කළේ. එයා නෙවෙයි අරයයි කළේ ආදී වශයෙන් කියමින් ඔය විදියට මේ රට දියුණු කරන්න බැහැ. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ දේවල් ගැන කල්පනා කර බැලිය යුතුයි.
ඡන්දයක් ළඟ එනවලු. ඒ නිසා දැන් හැමෝම මේක භාවිත කර ඡන්දය දිනන්න හදනවා. මේ බෝම්බ පිපිරීමේ සිද්ධියේ සත්‍යතාවය අපි තාම දන්නේ නැහැ. එහෙත් කවුද මේක පිටිපස්සේ හිටියේ, කවුද මේකට අනුබල දුන්නේ. කවුද මේ වැඩපිළිවෙල හංගන්න හදන්නේ, ඇයි එහෙම කරන්නේ කියල ජනතාව දන්නවා” යැයි ද අගරදගුරුතුමෝ පැවසූහ.
මිලානෝ කොන්සල් ජෙනරල් ඩෙන්සිල් ෆොන්සේකා මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයෝ රැසක් එම දේව මෙහෙයට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන පාරවල්වල මෙන් නොව මේ පාර ජනතවාට මොළේ පෑදේවා. දේශපාලන වාසි ගැන වැටහේවා. රට සුඛිත මුදිත කරන, අවංක, රට නොවිකුණන, බොරු බේගල් ඇද නොබාන ජනතාවගෙන් ගන්නවා වෙනුවට ජනතාවට දෙන, හොරා නොකන, හොරුන්ට සම්බන්ධයක් නොදක්වන , විශේෂයෙන්ම දුප්පතුන් ගැන අවංක කැක්කුමක් ඇති ජනතා නායකයෙක් අඟහරු ලෝකයෙන් හරි ගෙනත් පත්කර ගමු.
දේශපාලනඥයන් තමන් රට දියුණු කිරීමට අසමතුන් බව ඔප්පු කර ඇතැයි ද කාදිනල්තුමෝ පැවසූහ.
එහෙමයි රදගුරුතුමනි, 225 ම ගෙදර යැවිය යුතුමයි. අලුතින් එන අවංක නායකයෙකු බව නිසැකවම පෙනෙන නාගානන්ද කොඩිතුවක්කුට ඔබ වහන්සේගේ ආශීර්වාදය පිරිනමනු මැනවි.
ඔබතුමාට තේරෙන දේ අපේ රටේ ඡන්දදායකයින්ට තේරෙන්නේ නැති එක තමා කරුමේ. වහල්ලු වගේ ආයෙමත් ගිහින් පරණ හොරුන්ටම කතිරේ ගහනවා. අවුරුදු හැත්තෑවක් තිස්සේ ආපු පාර වෙනස් නොකළොත් අපිට අනාගතයක් නැහැ.
ඔබ මුළු ලොවටම ආදර්ශයක්.
ඔබ තුමාගේ ප්‍රකාශය අපි සැවොම අනුමත කරනවා.
ඔබතුමාගේ ප්‍රකාශය මම එසැනින්ම පිලිගනිමි. ඔබතුමා වගේ එඩිතර ප්‍රකාශ කරන අය දැන් හොයා ගන්නත් බැහැ. පසුගිය ප්‍රකාශයට සමහරුන්ගේ අදහස් දැක්වීමේදී විවිධ අවලාද නගා තිබුනා. ඒත් මට විශ්වාසයි ඔබතුමා ඒවාට නොසැලෙන බව. ඔබ තුමාට මගේ ආගමේ හැටියට 'තෙරුවන් සරණයි'
කාදිනල්තුමනි ඔබතුමාගේ ප්‍රකශය අපි අගය කරනවා, ප්‍රහාරවලින් ජීවිතය නැති වුන සහෝදර කිතුනු ජනතාවට සාධාරණයක් ඉටු කරන්න සිංහල බුදු දහම අදහන අපි කැපවෙලා ඉදිරියටත් කටයුතු කරනවා, ඔවුන් ජිවිත පුජා කලේ රටේ අනාගතය වෙනුවෙන්, මේ සිද්ධිය වුනේ නැත්නම් මේ ත්‍රස්තවාදී කණ්ඩායම ගැන රටේ කවුරුවත් දන්නේ නැහැ , එහෙම වුනා නම් ඔවුන් සංවිධානය වෙලා තව අව්රුදක්කින් දෙකකින් මෙයට වැඩිය විශාල ප්‍රහාරයක් එල්ල කරනවා
සිංහල ජාතික ප්‍රජාවගේ බුද්ධි මට්ටම එළඹෙන කවර මැතිවරණයකින් උවද හොදින්ම මැන බැලීමට පුළුවන. ජනතාව බොහෝ පිරිසක් මේ වනවිට ප්‍රඥාගෝචරව හා එඩිතරව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. දේශපාලකයින් දිගින් දිගටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී බුද්ධිමත් ප්‍රායෝගික අපේක්ෂකයෙක් මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් ඉදිරියට එනු ඇති අපි හිතනවා.
ඇත්තෙන්ම ඔබවහන්සේගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු.
කාදිනල්තුමාගේ නිර්භීත කියමන මේ සකල වාසි මුළු ශ්‍රී ලංකාවාසින්ම එක හෙලාම පිලිගන්නවා.
ඔබ වහන්සේ බෞද්ධ හිමිවරුන් හා අන්‍යාගමික පූජාප්‍රශාදීන් සමග එකතු වී මෙරටට සුදුසු පාලන ක්‍රමයක් කෙටුම්පත්කර සමුළුවක් පවත්වා ජනතාවට ඉදිරිපත් කරන්න. යම් කිසි හැකියාවක් ඇති කෙනෙකු මම මෙය ක්‍රියාත්මක කරන්නම් යයි කියනවානම් ඔහු බලයට පත්කිරීමට සැලසුම් කරන්න.
ජනාධිපති තරඟයට එන හැඩයි.
අපිත් කිතුණුවන් තමයි.මම හිතන්නෙ දැන් අපේ කාදිනල්තුමත් විකටයෙක් වෙන්න හදන්නෙ..දුකයි ඒගැන
ඔබතුම ගැන ශ්‍රී ලංකික ජනතාවගේ තියෙන ගෞරවය තවත් වැඩිවෙනවා. ඔහොම කෙලින් කතා කිරීම ගැන සතුටුවෙනවා. ක්‍රිස්තියානි රටවල සබැ සහය මෙවෙලාවේ අපේ රටට ලැබෙන්න ඕනේ. ඒවගේම මේ වුන ව්‍යසනය මෙරටේ හැරවුම් ලක්ෂයක් ලෙස භාවිතාකර , නැවත මෙවැනි දේ නොවෙන්නත්, වගකීමක් ඇති ජනතා දේශපාලකයන් පත් කිරීමට මෙය හොදම අවස්ථාවක් කර ගමු. බොහොමයක් එජාප පාක්ෂිකයන් විවෘතව හිතන්නේ නැහැ. ඔවුන් බොහෝවිට තමන්ගේ පක්ෂය සහ එමගින් තමන්ට ලැබෙන වරදාන ගැන තම හිතන්නේ, අනෙක් පාක්ෂිකයනුත් එහෙම තම, අපි මේ බෙදිල්ල දැන්වත් නවත්වන්න ඕනේ. රටට වගකියන උගත් බුද්දිමත් නායකයන් පත් කරමු. නීතිය සැමට සාදාරන කරමු.
කාදිනල්තුමා කියන්නේ සම්පූර්ණ ඇත්ත...
දැනට අවුරුදු 20-25 ඉඳන්ම කටුස්සෝ වගේ පාට මාරු කරමින් ගෙම්බෝ වගේ එහාට මෙහාට පනිමින් රට පාලනය කලේ මේ එකම පිරිස. මේ ඔක්කොම අසාර්ථක නිසා ගෙදර යවන්න ඕනේ .
පක්ෂය මාරු කළාම මන්ත්‍රීකම නැතිවන පැරණි නීතිය නැවත අනිවාර්යයෙන්ම ගේන්න ඕනෑ...