
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති රැසක් මේ වන විට රාජකාරිවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.
මෙම නිල නොවන වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන බවුසර්වලට ඉන්ධන පැටවීම ද නතර වී ඇති බවත් ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් වෘත්තිය සමිති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ පර ගැති විජාතික පින් ජනපතිය පන්නා දැමිමෙන් මිසක රටට දේශපාලන ස්තාවරත්වය, කාර්මික සාමය හා ජනතාවට සතුට සැනසුම නිදහස ලැබෙන්නෙ නැහැ,
යුනියන් කාර මාෆියාවෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට මේ ජනාධිපතිට වත් හැකි වේවා!
මේ එලියට බහින උදවියට කියන්ට පුලුවන්ද රටට තෙල් ආනයනය කරන්ට ඩොලර් හොයා ගන්නේ කොහොමද කියලත්?
ලෝකයේ බොහෝ රටවල තෙල් බෙදාහරිම් ශෙල්/ කැල්ටෙක් වැනි බහුජාතික සමාගම් මගින් කරනව. ලංකාවෙත් කලින් එහෙම තිබි තියනව. මතිවරනවලදි මෙම සමාගම් එක්සත් ජාතික පක්ශයට අදාරකලාලු. එනිස මෙම සමගම් ජනසතුකලා කියා රජයට පවරගත්ත කියන කතව මම අසාතිබෙනා.
මොනම ආකාරයක වර්ජන ගර්ජන ආවත් සැලෙන්න එපා. ඕකුන් පිනටක කන්න තියන එක නැතිවෙනවට බයේ දගලන්නේ.
ජයවේවා !!! රාජපක්ෂලාගේ තෙල් කොම්පැනි මාෆියාවට රට බිලිදීමට විරුද්ධ වුර්තිය සමිතිවලට ජය වේවා !!!
මේ පාර රටම වහල හෝ මේ කඩාකප්පල්කාරී වෘත්තීය සමිතිවලට අවසානයක් දෙන්න. මොවුන් ජාතික ධනය කොල්ලකන දේශපාලන අතකොළු පමණය.
අපේ රටම හොරා කාපු දේශපාලුවන්ට තව තවත් බලයේ ඉන්න මේ ආර්ථික මර්මස්ථාන කෑලි කෑලිවලට කඩල විදේශිකයන්ට විකිණීමෙන් ලංකාව මොනතරම් අවදානම් තත්ත්වයක අනාගතයේ මුහුණ දෙන්න වෙයිද? මේ දැන් ආන්ඩු කරන හොරු රැලම තමයි රට බන්කොලෝත්කලේ. ජනතාව බුද්ධිමත්ව මෙය සැලකිල්ලට ගත යූතුයි.
තෙල් ඒකාධිකාරය නැවැත්වීම හොද දෙයකි. තරගකාරීත්වය ඇතිවේවි
ඔය එළියට බැස්ස පිරිසට ඔහොමම ගෙදර යන්න කිව්වා නම් රට හදන්න පුළුවන්.
වැටුප මිස වැඩ නැති මිනිස්සු රටට බරක් . අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය අල්ලපු ගෙදරට වැඩ පෙන්නන්න මිස රට ගොඩදාගන්න නෙමෙයි . කුහකකම ඉදිරියට දාගත්ත අවස්ථාවාදී දේශපාලුවො තමයි මේ තත්වයට වැඩියෙන්ම වගකිවයුත්තේ.
කාට කාට මොන අරමුණු තිබුණත්... බලශක්තිය රජය සතු දේපලක් විය යුතුමයි. එය වෙනත් රටක රජයකට අයිති නොවිය යුතුයි. ඒ වෙනුවෙන් පෙනී සිටිමි.. IOC යනු ඉන්දියා රජයේ කම්පැනියකි. අපේ රජය සතු දේපල, උන්ගේ රජය සතු කරගන්නවා. ඒක පුද්ගලික ආයතනයක් නොවේ. චීනයද එසේමයි.
රටේ ජනතාව ඇත්ත තේරුම් අරන් ඉන්න .කරුණාකරලා මේ වර්ජනය කරන මිනිස්සු එලියට දාන්න .අපි පුද්ගලික අංශයේ රැකියාවක් කරලා අමාරුවෙන් බදු ගෙවලා අදටවත් රස්සාව කරනවා.මේ මිනිස්සුන්ට අඩුම තරමින් ප්‍රෙශර් එකක් තියෙනවද තමන්ගේ තෙල් විකුණන්න බැහැ කියල. සසපයන්න බැරි තරම් ඉල්ලුම අසීමිතයි. රටින් ගෙනත් බෙදාහරින එක විතරයි කරන්නේ .ඒකට මොකටද මෙච්චර පඩි දීමනා..අයිඕසී එක වර්ජනය කලා කියලා අහලවත් තියෙනවද? දැදැන්නම් හොඳටම ඇති .
රනිල් සහ කංචන ගැන විවෙචන තිබුනත් පුද්ගලික විදේශ කොම්පනි රටට නොගැලපුනත් වෘතීය සමිති කරයන්ගෙ බලුකම් පාදඩකම් මර්දනය සදහා මෙම ක්‍රියා මර්ගය හොඳයි.
වර්ජන කට්ටියටම නිවන් සුව
මේවතමයි ආටක .. නාටක