
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
මෙරටින් විදේශගත වූ ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
තම තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවී එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශීයන්හි එම ක්ෂේත්‍රයට අදාල රැකියාවන්හි නිරතව සිටින බව දැනගන්නට ඇත.
සෙසු වෘත්තිකයන් බොහෝ පිරිසක් විදේශ ගතව සිටින බව පැවසෙන්නේ රටේ ආර්ථික තත්වය හේතුවෙන් ඇතිවූ පීඩා සමනය කරගැනීම සඳහාය.
මේ අතර මෙරටේ විවිධ වෘත්තිකයන් පන් දහසකට වැඩි පිරිසක් මේ වනවිට විදේශ ගතව සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
වෘත්තිකයන් විදේශගතවීම කොරොනාවලින් පසු වැඩිවූ බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරුන්,සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් ගොස් ඇතැයි පැවසෙන්නේ එංගලන්තය ඕස්ට්‍රේලියාව යන රටවලටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තාවකාලික පසුබෑමක් විතරයි... මෙහෙන් ඒ හැටි ඉගෙනුමක් නැතුව මීට වසර ගානකට පෙර පැනගත්තු අය... දැන් නිවාඩු එන්නේ රත්තරන් පෙරවාගෙන...
නැවත, පැමිණ දේශපාලනයට සම්බන්ධ විය හැක. ෂෙඩ් එකක වැඩ කරපු කෙනෙකුත්, මහ ජනතාවට ඇරියනේ...
නීතියක්, සාධාරණයක් නැති රටක රජ වෙනවාට වඩා නීතියක්, සාධාරණයක් තියන රටක අතුගාන රස්සාව කරත් හිතට සැපයි.
නිදහස් රටක පැහැදිලි අනාගතයක් ඇති රටක, ෂෙඩ්වල, අවන්හල්වල වැඩකරන එක ලංකාවේ ජනාධිපතිකමට වැඩිය හොඳයි. අඩු තරමින් ළමයින්ටවත් හරියයිනේ...?
වර්ණ භේදය ඉහවහාගිය රටවල්," ඇයි මෙහේ එන්නේ කියලයි අහන්නේ... පසුගිය අවුරුද්දේ ලන්ඩන්වල පමණක් වර්ණ භේදය නිසා දරුවන් 28ක් පිහියෙන් ඇනලා ඝාතනය කළා. ඒ අතරේ අපේ අහිංසක දරුවෙකුත්, කණගාටුම දේ අපේ දරුවන්ට මව්භාෂාවක් නැතිකම...
මම හිතන්නේ මනූෂ නානායක්කාරට වැරැදිලා... මොකද මේ රටවල්වල මිනිස්සු එයාලාගේ ප්‍රධාන රැකියාවට අමතරව තව අමතර රැකියාවක් කරනවා. එහෙම කරන්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ. එතකොට පෙට්‍රල් ශෙඩ්, රෙස්ටුරන්ට් වල රැකියා කරනවා. ඊට අමතර uber eats, door dash, uber ride වගේ තමන්ගේම වාහනයෙන් වැඩ කරනවා. ළිංමැඩියෝ හිතන්නේ උන්ට රැකියා නැති හින්දා එහෙම කරනවා කියලා. අනික මේ වගේ බොරු ප්‍රචාරය කළාට මිනිස්සු ලංකාව දාලා යන එක නවත්‍තන්න බැහැ..
කාලකණ්ණි, නූගත්, දූෂිත දේශපාලුවෝ රට හොරා කෑමේ ප්‍රතිඵල තමයි ඒ...!
අපේ පාර්ලීමේන්තුවේ ඉන්නෙ සේරම නූගත්තු. ඉතින් නුගත්තු කරපු, කරන හොරකම්, කුපාඩි වැඩ නිසානේ උගත්තු රට හැරලා යන්නේ.... මුලුරට වැසියාම රටදාලා ගියත් මොවුන් එකෙක් පුටුව දාලා යන්නේ නැහැ... මොකද පිරටවල ගිහින් තෙල් ටිකවත් ගහගන්න දන්නේ නැති හරක් ටිකට පාලනය කරන්නේ... ඇමෙරිකාවේත් ඇවිත් ඉන්නවා. නමුත්. කරන්න දෙයක් නැහැ. නූගත් මිනිස්සුන්ට සර් කියනවාට වැඩිය උගත් මිනිස්සුන්ට නම කියලා කතාකරලා. හොඳ වැටුපක් අරගෙන... රජබොජුන් වලින්... කුස පිරෙන්න කාලා, බීලා සැනසිල්ලේ ඉන්න පුළුවන්. මෝඩ රැලක් එක්ක ඉන්නවාට වැඩිය එක උගතෙක් එක්ක ජීවත්වෙන එක ලේසියි...
ඔය උගතුන් බොහෝමයක්ම රට හැරදා යන්නේ මීළඟට ජවීපේ වාමාංශිකයින් බලයට පැමිණෙනු ඇතැයි යන බිය නිසයි. තමන්ගේ නිදහසත්, දැඩි බටහිර විරෝධී ප්‍රතිපත්තියත්... ඒ නිසා රට තුළ ඇතිවන විනාශයත් නිසා...!
මෙහේ නම් අට පාස් නැති අය දේශපාලනේට ඇවිත් ලොකුපඩි, සැප ගන්නවා...
ඔව් මොනවද රට ගිහින් කිසිම විභාගයක් පාස් වෙන්න බැරුව ආපු එකක් මේ පාර ජනාධිපති වෙන්න හදන සිරි ලංකාව අපේ රටේ...
බටහිර රටවල, ශෙඩ්වල හෝ අවන්හල් වල වැඩ කරත් සැපයි. මෙහි වෘත්තීයවේදීන් ලෙස කටයුතු කරමින් දේශපාලුවන්ගේ අණසකට යටත්වෙනවා. කෘෂි රසායන සහ රසායනික පොහොර තහනම් කළවිට, වසර කිහිපයක් ගතවන තුරු එක්කෙනෙකුටවත් කොන්දක් තිබුණද? එයාට එරෙහි වන්නට...?
ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල වැඩ කළත් ජීවත් වෙන්න හොඳ ආදායමක් ලැබෙනවා නම් ඒක නේද අවශ්‍ය..? කරන රක්ෂාවෙන් මිනිසුන් මැනීමක් කරන්නේ නැති නිසා අවුලක් නැහැ නේද...?
වෘත්තිකයින් යනු පිස්සන් නොවේ... මෙහෙ හොඳ රස්සාවලුත් දාලා ගිහින් එහෙ ෂෙඩ්වල තෙල් ගහන්නේ ඇයි කියලා හොයලා බැලුවානම් තේරෙයි.. මට හේතු 10ක් කියන්න පුළුවන්...
ඔය බහුතරයක් දෙනා ලංකාවේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ ගත්ත අය. ඔවුන් රට ගියාට අපිට කමක් නෑ. ලංකාවෙන් ගත්තු අධ්‍යාපනයටයි සෞඛ්‍ය සේවයේ වියදම ගෙවලා පලයල්ලා. නුබලා ඒ ඒ රටවල්වලට ගිහිල්ලා බදූ ගෙවන්නේ නැතුව ජීවත් වෙනවා වගේ තමයි වැඩ කරන්නේ...!
බෝට්ටුවෙන්වත් යාගන්න බැරිවුණාම, එහේ ගිහින් කුමක් හෝ නීත්‍යානුකූල රස්සාවක් කරන අයට සමච්චල් කරනවා. හැබැයි ඔය හිනාවන මිනිස්සු එහෙ ඉන්න නෑදෑයන් වැසිකිළි හෝදලා හරි එවන පාක්කුඩම් එපා කියන්නේ නැහැ.
අපිට ආදරේ නැති රටක ජීවත්වෙනවාට වඩා හොඳයි වෙනත් රටක හිඟාකනවා.. මේක අපේ රට නොවේ ඔවුන්ගේ රට. අපි අසික්කිත දේශපාලුවන්ගේ වහල්ලු විතරයි..
දැන් වත් ඇත්ත වටහා ගැනීමට කවූරු කවුරුත් හිතට එකඟව කටයුතු කිරීමට කල්පනා කළ යුතු යි මෙතෙක් කල් රට පාලනය කළ හා කරවන අය ගැන කල්පනා කර බලන්න . මිනිසුන් හැමදාම රවටා රජ කරන්න බැහැ.අහින්සක මිනිසුන් හැමදාම ජීවිත කාලයම දුක් වේදනා විඳිනවා.එමනිසා රට යන කෙනෙකුට උදව්වක් හෝ දිරිමත් කරන්න උත්සාහ ගන්න.ව්ශ්වාශයෙන් යුතු ව යමක් දැනුවත් කලයුතුය එනම් මුදල් වියදම් කරමින් ෝෝබොට්ටූමගින් විවිධ රටවල් කරා යෑමට උත්සාහ කරන්න එපා.. හිතට එකඟව කටයුතු කිරීමට කල්පනා කරනවා නම් ඔබට, ජීවිතය ජය ගත හැකිය හැම රැකියා වකටම අගයක් තිබෙන බව අමතක කරන්න එපා.අත්තකියන්නත් බිමවාඩිවෙන්නත් කිසිවෙකු ට බයවෙන්ඩ එපා.ස්වීඩනයෙන් මම නිමල්
ඉතින් දැන් මොකක්ද ඔයාල කියන්නෙ? අනේ ඒ රටවල් වල හොද ජොබ් නෑ යන්න එපා කියලද? එන්න ඉන්න කෙනෙක් ඉන්නව නම් එන්න.. ලංකාවෙ ඉදන් දේශපාලකයින්ගේ කටු කකා ලිපි ලියන අයගෙ බයිලා අහන්නෙ නැතුව. . කොහොමත් හැමෝම මුල් කාලෙ කරන්නෙ part time job. ඒක මේ රටවල් වල අරුමයක් නෙවෙයි. මේ රටවල් වල හැමෝම part time ජොබ් කරන්නෙ අවුරුදු 16 න් වගේ. රටවල ලංකාවෙ වගේ උසස් හා පහත් කියල රැකියා නෑ. හැම රැකියාවකටම ඒ ශ්‍රමයට හරියන වැටුපක් ලැබෙනවා . හැමොටම කෑමට බීමට සෞක්‍යට , ගෙයක් හදා ගන්න, වාහනයක් ගන්න ඇති තරම් සල්ලි ලැබෙනව. සමහර විට ලොකුයි කියන ජොබ් එකක වගකීම ගන්නවට වඩා ලංකාවෙ පොඩියි කියන ජොබ් කරන්න මෙහේ මිනිස්සු කැමතියි. කොහොමත් ආව ගමන් කිසි කෙනෙක්ට අදාල ක්ශේත්‍රයේ රැකියා ලැබෙන්නෙ නෑ. ඒකට කාලයක් යනව. ලංකාවෙ ඉතින් කවදත් තිබුනෙ ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ වගේ වැඩ නෙ. කන්න නැතත් ලොකු කමේ අඩුවක් වෙන්නෙ නෑ. හැම ජොබ් එකටම හොද තැනක් දෙන්නෙ නැති නිසා , හරි වැටුපක් නැති නිසා හොද නෑයි කියන ජොබ් කරන්න ලංකාවෙ මිනිස්සු නෑ...සාරි ඇඳලා ටයි කෝට් දාල ගිහින් හිඟා කෑවත් නම්බුයි කියලා හිතන රටවලුයි, බටහිර රටවලුයි සන්සන්දනය කිරීමම මෝඩ කමක්..
බොහෝමයක් අදහස් වලින් පිළිබිඹු වන්නේ, ලාංකිකයින්ගේ තියන ගෝත්‍රික ආකල්පයි... දියුණු රටවල ඕනෑම රැකියාවකට විශේෂ සමාජ පිළිගැනීමක් තියනවා.. හැමදෙනාම තමන් කරන වෘත්තීය පිළිබඳ දැනුමක් හා ඔවුන් ඉතාම වගකීමකින් කටයුතු කරනවා. රෝහලේදී, වෛද්‍යවරයා ලොක්කෙක් වුණාට, මහපාරේදී ඔහු සාමාන්‍ය පුද්ගලයෙක්.. පල්ලියේ පියතුමා පල්ලියේ ප්‍රධානියා වුණාට, මහපාරේදී, ඔහු සාමාන්‍ය පුරවැසියෙක්.. ඔවුන්ව මහපාරේ දැකලා හතරගාතෙන් වැඳ වැටෙන්න ඒ රටවල ජනතාවට පිස්සු තදවෙලා නැහැ. දේශපාලකයිනුත් එහෙමම තමයි... ලංකාවේ වගේ වචන දහයකින් පහක් "සර් හෝ මැඩම් " කියන නිවටයෝ ඒ රටවල නැහැ. ඒ රටවල වැටුප් විෂමතාවය අඩුයි... වැඩිපුර මුදල් හොයන අය රජයට වැඩිපුර බදු ගෙවිය යුතුයි.. ලංකාවේ දොස්තරලා වගේ ජනතාවගේ මුදල් සුරගෙන කාල සැප විඳින්න ඒ රටවල ඉඩක් නැහැ... උගතා නූගතාට උපකාර කරනවා.. රටේ සියලු දෙනාම ගෞරාන්විත පුරවැසියන්.. ඒකටත් එක්ක, ලංකාවේ නිවට නිහීන, අධර්මිෂ්ඨ, කුහක, කාලකන්නිනේ ඉන්නේ..නොදකින්! අපේ කරුමෙට ඉපදුණු රට හා ජාතිය...
ගොඩ දෙනෙක් හොඳ රස්සා වලින් අස්වෙලා ගියේ විශේෂයෙන්ම ලන්කාවේ tax ගන්නවා කියලානේ. නමුත් රස්සාවල් ලැබුණු අය ඒ රටවල් වල ඒ වගේ දෙගුණයක් tax ගෙවනවා. අනිත් එක ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ පිටරට කියන්නේ සුරපුරවල් කියලා. මම අවුරුදු ගණනාවක් බටහිර රටක වැඩ කළා. මගේ පඩියෙන 52% tax ගෙව්වා. සෑම වසරකම ලංකාවට ඇවිත් නැති බැරි අයට උදව් කළා. තරුණ අයට පහදලා දුන්නා පිටරට තත්ත්වය ගැන. මම දැන් පෙන්ෂන්. මම දැන් වසරෙන් භාගයක් ජීවත් වෙන්නේ ලංකාවේ. මට ලංකාව කවදාවත් අමතක වුනේ හෝ එපා වුනේ නෑ. අපේ පාලකයින්ගේ වැරැදි තියනවා තමයි. නමුත් ඕවා නැති රටවල් ලෝකයේ කොහේවත් නෑ..
දැන් ඉතින් ලංකාවේත් සුදුසුකම් තියෙන අයද පාර්ලිමේන්තුවේ ඉන්නේ? OL තියා 5 වැනි ශ්‍රේණියටවත් ගිය නැති මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින්, හොරුන්, මංකොල්ලකාරයින්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නේ...