Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 අගෝස්තු මස 19 වන සිකුරාදා
(උපුල් හේරත්)
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි තලාව පොලිසිය කියයි.
අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇත.
රෝහල්ගත කෙරුණු ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රොහලට මාරු කළ බව අනුරාධපුර රෝහලේ ප්‍රකාශකයෙක් කීය.
අනුරාධපුරයේ ටෙලි නාට්‍යයක් රූගත කිරීමේ කටයුත්තකට සහභාගී වී නැවත අනුරාධපුරයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ප්‍රවීන රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි මහතා සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අයයි .
මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එකතුවෙන් මෙම තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
jaliya Sunday, 03 July 2022 12:50 AM
මයිනාට සෙත් පතන්නත් රාජපක්ෂ පවුල සහ රජය රැක ගන්නත් තියෙන අවසාන තුරුම්පුව වන "මූකලන් යාගය" කරන්න රෑ දොළහට අනුරාධපුරේ කැලෑ අස්සේ රිංගන්න යනකොට ඔහොම වෙනවා. දැන්වත් මයිනාට හොරෙන් කඩේ නොගියොත් හොඳයි.
Reply : 74 37
Ranjan senevirathna Sunday, 03 July 2022 01:06 AM
ඉක්මන් සුවය ලැබේවා...!
Reply : 11 45
දාස Sunday, 03 July 2022 11:54 AM
අනේ, බේරගන්න හැම දෙයක්ම කරන්න...
Reply : 34 55
Bamunuarachchi Sunday, 03 July 2022 12:33 PM
වල් අලියාටත් අමාරුද දන්නේ නෑ..?
Reply : 9 67
ජුනයිඩ් නානා Sunday, 03 July 2022 02:33 PM
ඔබට ඉක්මන් සුවය පතනවා. කලාවට ඔබ කළ සේවය තක්සේරු කිරීම ඉතා අසීරුයි.
Reply : 41 63
තිස්ස Sunday, 03 July 2022 04:55 PM
තිදෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි...!
Reply : 15 50
hesa Sunday, 03 July 2022 05:05 PM
පෞද්ගලිකත්වය රංඟනයට අදාලම නෑ, ඒ තැනැත්තාගෙන් සිනමා ක්ෂේත්‍රයට (කලාවට) රටට දෙයක් ලැබෙනවා නම්.... එතුමාට ඉක්මන් සුවය පතමු..!
Reply : 20 52
නිහාල් Sunday, 03 July 2022 05:38 PM
අලියාගේ සෞඛ්‍ය තත්වය කොහොමද කියලා පරීක්ෂා කළේ නැද්ද?
Reply : 10 48
arschfikaa Sunday, 03 July 2022 10:19 PM
කවුද ඔය ජැක්සන් ඇන්තනී කියන එකා? මයිකල් ජැක්සන්ගෙ සහෝදරයෙක්වත්ද? අනේ පලයන් බන් යන්ඩ. ඇඩ්‍රස් නැති එකෙකුට මහාලොකු කලාකාරයෙක් කියල මොකට කියනවාද? අර තමිල්නාඩුවෙ නිලිය මීනගෙ මිනිහ මලා කියල අපි මේ දුකෙන් ඉන්නෙ. එහෙනම් මූ මොන කෙහෙල්මලක්ද ඔයි.
Reply : 2 4
Achini Sunday, 03 July 2022 10:49 PM
මම කණස්සල්ලට පත්ව සිටින්නේ අලියා ගැන මිස මේ මිනිසුන් ගැන නොවේ...!
Reply : 4 8
SAMAN Monday, 04 July 2022 01:27 AM
අනතුරට පත්වූ අලියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
Reply : 2 14
ranmuthu Monday, 04 July 2022 06:41 AM
ඉක්මන් සුවය...!
Reply : 0 4
sharm warn Monday, 04 July 2022 09:58 AM
දේශපාලන වශයෙන් මම ඔහුට 100%ක් විරුද්ධයි. ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවට මම ඉතාම ගරු කරනවා. ඒ රංගධරයන්ගේ ඉක්මන් සුවය මගේ එකම පැතුමයි. අනිත් දෙදෙනාටත් ඉක්මන් සුවය පතනවා. හදවතින්ම... අපි දැනටමත් ලොකු වැටිල්ලක ඉන්නේ...
Reply : 2 7
Booba Monday, 04 July 2022 06:50 PM
දන්නේ නැති නිසයි අහන්නේ.. රටේ දොස්තර කෙනෙකුට, ලෙඩෙකුට, රෝහලකට යන්නවත් ඉන්ධන නැති වෙලාවේ මේ මහත්තයා අනුරාධපුරයේ ටෙලි නාට්‍යයක් රූගත කරන්න ගියේ කොහොමද? කෙසේවෙතත් ඉක්මන් සුවය පතමි.
Reply : 0 7