Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 අගෝස්තු මස 12 වන සිකුරාදා
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන, ගෑස් හිඟය, බඩු මිල ඉහළ යාම, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ජනාධිපති අගමැති එම ධූරවලින් ඉවත් වන්නැයි බල කරමින් සමගි ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අද(30)ආරම්භ කළ විරෝධතාවය විශාල පිරිසක් සහභාගී වූහ.
"ගෝඨා රනිල් ශාපය අවසන් කරමු" තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය පොල අසලින් අද පස්වරු 3.30 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සමගි වනිතා බලවේගය, සමගි තරුණ බලවේගය ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් කොටුව දුම්රිය දුම්රියපොළ ඉදිරිපිටමාර්ගය ඉදිරිපස විරෝධතාවයේ නිරත වූහ.
රටම අකමැති රනිල් අගමැති, ගෝඨා ගෝ හෝම්, ගෝඨා පිස්සෙක්, රනිල් ගෝඨා මේ අහන්න වැඩබැරිනම් ගෙදර යන්න, හොරා හොරා රනිල් හොරා ගෝඨා හොරා, ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාකරුවෝ කළු පැහැති ධජ ප්‍රදර්ශනය කරමින්, ගෑස් සිලින්ඩර රැගෙන, මුලුතැන්ගේ උපකරණ වලට ශබ්ද කරමින් විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
මහසෙන් Thursday, 30 June 2022 07:27 PM
මේ මොහොතේ රටට අවශ්‍යම විපක්ෂ නායකවරයෙක් සහ කණ්ඩායමක්. දැන් හෙට උදේ ජනාධිපති සහ අගමැති ඉල්ලා අස්වෙයි.. මෙයා ජනාධිපති වෙයි. නියම නායකත්වය නම් අසීරු මොහොතේ අභියෝග බාර ගැනීම... මෙයා පස්මහ බැලුම් බලබලා ලියුම් ලිව්වා. රනිල් දුන්නු ගමන් ගත්තා...!
Reply : 0 0
Dil Perera Thursday, 30 June 2022 07:39 PM
මෙයාලාට පිස්සු තමයි. අපිට කන්න නැතිව ඉන්නවා. මෙයාලාට ඕනේ අගමැතිකම සහ රට කරන්න. මොවුන් ඒකටත් වඩා හපන් අය...
Reply : 23 73
කරුණාජීව Thursday, 30 June 2022 07:41 PM
පට්ට සෙනඟක් ඉන්නේ.. NPP එකේ රැස්වීම්වලට මේ වගේ කී ගුණයක් හිටියාද?
Reply : 24 33
මැක්ස් Thursday, 30 June 2022 07:44 PM
මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා.. නමුත් සජබ නඩේ ඊටත් වඩා එපා. මේ මහ ලොකු කෙරුමන් ටික අගමැතිකම දෙන්න හැදුවාම එපා කිව්වා. දැන් අඳෝනා නගනවා.
Reply : 22 71
SUNIL MILANO Thursday, 30 June 2022 07:49 PM
බලයට තියෙන කෑදර කමින් තම මව්බිම තවතවත් අරාජික කරන අපතයින් පිරිසක්...
Reply : 21 76