(නිමල කොඩිතුවක්කු)
තරුණ පරම්පරාවට අවස්ථාව ලබා දෙමින් තමන් එක්සත් ජාතික පක්ෂයේ වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අසවීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ලංකාදිපයට පැවැසීය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
තමන් වසර 41 ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති බව පැවසූ අමරතුංග මහතා දේශපාලනය සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගැනිමට කාලය එළැඹ ඇතැයිද සඳහන් කළේය.
තමන් වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළ විට පාක්ෂිකයන්ගෙන් එයට දැඩි විරෝධයක් එල්ල වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්තල ප්‍රදේශයේ කාන්තාවන්ගෙන් නම් බලවත් විරෝධයක් ඇතිවෙලා තියෙනවා මුන්නැහේ අාසන සංවිධායක කමින් ඉවත් වෙනවාට... ඒ වගේමයි පල්ලිය වත්ත පැත්තේ කට්ටියකුත් ඉන්නේ සතුටින් නොවෙයි ..අනේ අපේ දෙයියා...!!!
අනේ ලොකුදෙයක්... වසර 41ක් කරපු දෙයක් නැහැ. හිටියත් වැඩක් නෑ... සුබ ගමන් මහත්තයෝ...
අනේද කියන්නේ? කොහොමත් ඊළඟ ඡන්දයදී නම් අැපත් නැහැ...
එන පොට හොඳ නැහැ නේද? වේලාසනින්ම ජාමෙ බේරා ගත්තොත් ඇඟපතට හොඳයි නේද?
කොහොමත් ඔබතුමා ඊ ළඟ සැරේ ගෙදර තමයි. ඉවත් වුණත් නැතත්..
හොඳ තීරණයක්... හරිම සතුටුදායක පුවතක්..
මොකටද තරුණයින්ට දෙන්නේ? මෙතුමා තාම තරුණයිනේ.
බොහොම ස්තුතියි.. පක්ෂයේ අනිත් අයටත් කියන්න. මේ විදියට අයින්වෙන්න. ඒ වගේම බාරගන්න. තරුණ අයටත්, කියලා දෙන්න. මොන ප්‍රශ්න ආවත්, තමන්ගේ පක්ෂය රැකගන්න කියලා පක්ෂයෙන් කෑල්ලක් කඩාගෙන යන එක නෙමේ තේරුම කියලා, බලයට අාසයි නම්, හොඳ කොන්දක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. මෛත්‍රී වැනි තරුණයින් ඉන්නවා නම් ඔවුන් අයින් කරන්න. ඔවුන්ගේ කොන්ද පණ නැතිකමින් පක්ෂයට වෙන්නේ අවනම්බුවක්...
බොහොම ස්තුතියි... පක්ෂයේ අනිත් අයටත් කියන්න. මේ විදියට අයින්වෙන්න. ඒ වගේම බාරගන්න. තරුණ කළාටත්, කියලා දෙන්න.. මොනප්‍රශ්න ආවත්, තමන්ගේ පක්ෂය රැකගන්න කියලා පක්ෂයෙන් කෑල්ලක් කඩාගෙන යන එක නෙමේ තේරුම කියලා... බලයට අාසයි නම්, හොඳ කොන්දක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. මෛත්‍රී වැනි තරුණයින් ඉන්නවා නම් ඔවුන් අයින් කරන්න. ඔවුන්ගේ කොන්ද පණනැති කමින් පක්ෂයට වෙන්නේ අවනම්බුවක්...
බොහොම පින්... සහ සමාදානයේ සැතපේවා...!
අපරාදයි. ඇයි මෙච්චර ඉක්මනින් යන්නේ? හිටියා නම්, තරුණ කටයුතු ඇමති ධුරය හරි දරන්න තිබුණා...
කොච්චර හොඳද? මේ කරන්නේ විශාල සේවයක්..!. යන්න තිබුණේ මීට මාස ගණනකට කලින්...
තව ටිකක් උන්නා නම් හෙලිකොප්ටරයකින් ගෞරවාන්විතව පාර්ලිමේන්තු යන්න තිබුණානේ? අපරාදේ අයින් වුනේ?
මොනවා වුණත් හොඳ තීරණයක්... ඔබතුමා අපරාජිත දෙශපාලකයෙක් මෙවරත් වත්තල දිනාගත්තා. ඔය ටික මහතැනටත් කියන්න ආදර්ශමත් වෙන්න කියලා.
යන්න ඉස්සරවෙලා අර කොළඹ හතේ වයසක යුවලගෙන් ගත්ත ගෙදර ඔවුන්ට නැවත බාර දීලා යන්න. අනේ දැන්මම යන්න.
මේ අයගේ දේශපාලනය හරියට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ කලින් තිබුණු දේශපාලනය වගේ... මිනිස්සු පෙනෙන්නේ කම්කරු වහලුන් විදිහට...
මොකටද අයින් වෙන්නේ..? මේ තරම් තරුණයෙක් මුළු පාර්ලිමේන්තුවේම නැහැනේ. තරුණ කටයුතු ඇමැතිකමට සුදුසුයි.
දැන් තමන් කරපු වැඩ ආවර්ජනය කරන්න තමයි තියෙන්නේ..
වත්තලින් අයින් වෙලා මීගමුවෙන් ඉල්ලන්නද දන්නේ නැහැ හදන්නේ...? එහෙමත් නැතිනම් හිතනවා ඇති ඝෝඨාභය සමග දඟලලා බෙල්ල කඩා ගන්නේ මොකටද කියලා...?