(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ කසිප්පු ජාවාරම්කරුවන් ෙදපිරිසක්
අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
මෙම ගැටුමෙන් නිවසක දොර ජනෙල්වලට ද බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි.
එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයකුගේ නිවසෙහි සාදයක් පවත්වා ඇති අතර එම සාදයට පානදුර ප්‍රදේශයේ ඔහුගේ මිතුරන් කීපදෙනෙකු ත්‍රි ෙරා්ද රථ දෙකකින් පැමිණ සහභාගි වී ඇතැයි පොලිසිය කියයි.
පිරිස මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මාර්ගයට පැමිණ මාර්ගයේ යන එන වාහනවල පුද්ගලයන්ට තර්ජනය කර ඇති අතර මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලයෙකු ද එම අවස්ථාවේදී යතුරු පැදියෙන් යමින් සිටියදී මත්පැන් පානය කර සිටි පිරිස එම යතුරුපැදිය නවතා ඔහුට ද පහරදී තර්ජනය කර තිබූ බව පොලිසිය කියයි
පහරකෑ එම පුද්ගලයා නිවස වෙත ගොස් තියුණු ආයුධයක් ගෙන සිය සහෝදරයා සමඟ සාදය පැවැත්වූ නිවස වෙත පැමිණ එම නිවසේ දොර ජනෙල් වලට පහර දෙද්දී සාදයට සහභාගි වූවන් ද පෙරළා එම පුද්ගලයාට සහ සහෝදරයාට පහරදී දැඩි කලහාකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය කියයි
තුවාල ලැබූවන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එස් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුඩු-කසිප්පු ජාවාරම්මු ගැටී තුනක් රෝහලේ
Perera Sunday, 28 November 2021 11:12 PM
මට පාර්ලිමේන්තුව මතක් වුනා.