IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අසමත් 10කට බලපත්‍ර දුන් මාතර ආර්.එම්.වී සේවකයා ගෙදර

(යොහාන් භාසුර)

මාතර දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂකවරයාගේ නිල මුද්‍රාව අවභාවිත කරමින් රියදුරු ප්‍රායෝගික පරීක්‍ෂණය අසමත් වූ 10 දෙනකුට වලංගු රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ චෝදනාවට එම කාර්යාලයේ ලිපිකරුවකුගේ වැඩ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පියවර ගෙන තිබේ.

රියදුරු ප්‍රායෝගික පරීක්‍ෂණය අසමත් වූ පුද්ගලයකුට වලංගු රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට අදාල ලිපිකරු රුපියල් 10,000 ක් බැගින් මුදල් ලබාගනෙ ඇති බවත් ලැබුණු පැමිණිල්ලකට අනුව කළ අභ්‍යන්තර පරීක්‍ෂණයකදී මෙම නීති විරෝධී ජාවාරම හෙළි වී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (9)

අසමත් 10කට බලපත්‍ර දුන් මාතර ආර්.එම්.වී සේවකයා ගෙදර

SUKUMALI Saturday, 10 June 2023 03:08 AM

කවුරුත් දන්නා දෙයක්නේ මෝටර්රථ පරීක්ෂක වරුන්ගෙන් අති බහුතරයක් ලර්නස් හරහා සෑම අපේක්ෂකයෙකුගෙන්ම පාහේ පගාව ගන්නා බව. පුළුවන් නම් ඒකත් නවත්වන්න

:       2       30

නිහාල් Saturday, 10 June 2023 08:28 AM

ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා දන්නෙම නෑ එතකොට...!

:       3       27

Eranga Saturday, 10 June 2023 12:34 PM

සේවකයෙක් නෙවෙයි, ලිපි කාරිනියක්, කාලයක් තිස්සේ කරගෙන ගිහිල්ලා, දැන් තමයි අහු වෙලා තියෙන්නේ...

:       0       11

විපරමා Saturday, 10 June 2023 07:31 PM

ආර්.එම්.වී එකේ වැඩකරන අය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජරා පප්පලා. ගෑණු, පිරිමි දෙගොල්ලම එකයි.

:       1       7

Mahasen Saturday, 10 June 2023 09:32 PM

ජෙනරාල්ට හොරෙන් කරපු නිසා කේස් ශෙයාර් එකේ ගියා නම් ශේප්...

:       0       0

de silva Saturday, 10 June 2023 11:16 PM

ඕකෙ වැඩකරන පගාව ගන්නේ නැති කෙනෙක් ඉන්නවද?

:       0       0

Rohana Sunday, 11 June 2023 07:26 AM

පරීක්ෂණයේදී කොතරම් නිවැරැදිව වාහනය එලෙව්වත් ගාන නොදුන්නොත් අසමත් කරනවා. මේක ඔය කියන විගණනයට අසුවෙන්නේ නැති නිසා සංතෝසම ගන්න කවුරුවත් බයවෙන්නේ නෑ. පුළුවන්නම් මේකත් අල්ලගන්න ක්‍රමයක් හදන්න. මොකද බොරු ලයිසන් දීමටයි, පරීක්ෂණයේදී අල්ලස් ගැනීමයි දෙකම වැරැදි නිසයි.

:       0       0

bandaara Sunday, 11 June 2023 12:16 PM

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඉන්න ඔක්කොම හොරු. එක්සැමිනර් හැම කෙනාගෙන්ම 1000 ගානේ ගන්නවා...

:       0       0

Anusha Monday, 12 June 2023 03:34 PM

ලිපිකාරිනියක් නෙවෙයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පත්වීම් ලැබූ සංවර්ධන සහකාර නිලධාරිනියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site