(සුජිත් හේවාජුලිගේ )
ජනතාව ඇතුළු විවිධ පාර්ශවවලින් ඉන්ධන, ගෑස් ඉල්ලා දුරකතන ඇමතුම් සිය ගණනක් දෛනිකව ලැබීම හේතුවෙන් මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් මහජන හමුවලට සහභාගීවීමද තාවකාලිකව නවත්වා ඇතැයි දැනගන්නට ඇත.
සමහර පුද්ගලයන් සිය නිවෙස්වලට පවා පැමිණ ඉන්ධන ඉල්ලා කලබල කරන බවත් තවත් සමහරුන් ඉන්ධන පිරවුම්හල්වලට කතාකර ඉන්ධන ඉන්ධන ලබා ගැනීමට උදව් කරන්නැයි ඉල්ලා සිටින බවත් මැති ඇමැතිවරු පිරිසක් ලංකාදීපයට පැවසූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ඇමැතිවරුන්ගෙන් මෙයට පෙර ඉල්ලා සිටියේ රැකියාවක් උසස් වීමක් හෝ මාරුවීමක් වුවත් දැන් ඉල්ලා සිටින්නේ තෙල් ලීටර් දහයක් හෝ පහළොවක් බවයි.
මෙය විශාල කරදරකාරී තත්වයක්වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මේ දිනවල දුම්රිය හා පොදු මගී බස් රථ යොදා ගන්නා බව වාර්තා වේ.
ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට ඉන්ධන හිඟය සහ කොළඹට පැමිණීම සඳහා අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් ලොකු මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම විශාල අභියෝගයක්වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය .
COMMENTS
ලොක්කා තාම පාඩම්කරනවා පාස් වෙන්න. එයාට මේවා පේන්නේ නැහැ.
"මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ඇමැතිවරුන්ගෙන් මෙයට පෙර ඉල්ලා සිටියේ රැකියාවක් උසස් වීමක් හෝ මාරුවීමක් වුවත් දැන් ඉල්ලා සිටින්නේ තෙල් ලීටර් දහයක් හෝ පහළොවක් බවයි." ඡන්දයක වටිනාකම මේ විදිහට ජනතා මුදලින්ම මිලදී ගන්නා දේශපාලකයෝයි, විකුණන/ විකිණෙන ඡන්ද දායකයෝයි අද ශ්‍රී ලංකාව මේ තත්වයට පත්වෙන්න එක හේතුවක්...!
අනේ මන්දා කවුදෝ කියනවා වගේ ඇහුණා සමහර අය කොළොන්නාවේ ගබඩාවෙන් අපූරුවට හා උජාරුවට ගන්නවා කියලා. ඒවා තියෙන්නේ අත්‍යාවශ්‍යම වුණොත් ගන්න පමණක්ලු. අහවල්ලු කරන්නෙත් අත්‍යාවශ්‍ය හොරකම්මලු...
පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණීම පිණිස දුම්රිය බලපත්‍ර...
පාර්ලිමේන්තුවට පත්කොට සිටින ජනතා නියෝජිතයින්ව, පාර්ලිමේන්තුවට පැමිණීම පිණිස අතීතයේ සිටම දුම්රිය බලපත් ක්‍රමයක් ක්‍රියාත්මක වන බැවින් සාමාන්‍ය ජනතාව මෙන් දුම්රියේ ගමන් කිරීම උචිතයි. මෙසේ ගමන් කරනා විට ජනතාවගේ ප්‍රශ්න ආදියද කතාකරමින් පැමිණිය හැකියි.
අන්ධ, ගොළු සහ බිහිරි පාලකයින් සිටින රටක මෙවැනි දේ සාමාන්‍ය දේවල්ය...
කෝ රට රකින විරුවා? හෙනම වදිනවා...!
එතකොට ඉන්ධන ඉල්ලලා ගමන් ඔහෙලගේ මව්පියෝ එහෙමත් මතක් කරනවද? ජනතාවයි, මොවුන්ට දිගටම ඇමතුම් අරන් තියෙන ප්‍රශ්න කියලා පුළුවන් තරම් කරදර කරන්න. ඒකත් පොඩි අරගලයක්..!