IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පස්සර, ඇල්ල, හල්දුම්මුල්ල ආපදා අවදානමේ

(පාලිත ආරියවංශ)
 
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්සර, ඇල්ල, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආපදා අවදානම් පළමුවන අදියරට අදාළ  කහ නිවේදන නිකුත් කළ බව  බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

වැසි තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ අනුව ඉදිරි නිවේදන නිකුත් කරන බවද එම ඒකකය සඳහන් කළේය.

ආපදා  ආවදානම ඇතැයි හඳුනාගත් ස්ථානයන්හි ජීවත්වන පිරිසට අවධානයෙන් පසුවන්නැයිද, මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබෙන්නේ නම් ආරක්ෂිත ස්ථාන කරා යන්නැයිද උපදෙස් දී ඇත.

පොළවේ ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම්, ගිලාබැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, දුරකථන කුලුණ යනාදිය, ගොඩනැගිලිවල, ගෙබිම හා බිත්තිවල ඇතිවන පිපිරුම්, එක්වර ජල උල්පත් මතුවීම,  පැවැති ජල උල්පත් බොරවීම, අවහිර වීම හෝ නැවතීම ආදිය  නාය යාමක පූර්ව ලක්ෂණ විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.



අදහස් (0)

පස්සර, ඇල්ල, හල්දුම්මුල්ල ආපදා අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site