(සිරංගිකා ලොකුකරවිට)
රනිල් වික්‍රමසිංහගේ රජයේ හිටපු සියලු ඇමතිවරු හෙට සිට අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කරන බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම සහ පසුගියදා පත්කළ කැබිනට් මණ්ඩලය තහනම් කරමින් අධිකරණයෙන් තීන්දුවක්දී තිබෙන බවත් පෙර තිබූ ඇමතිධූර රජය එලෙසම පවත්වාගෙන යන බවත් රාජිත සේනාරත්න මහතා අද (03) ගාල්ලේදී පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කර තිබූ යුක්තියේ ජනහඬ රැළියේ දී අදහස් දක්වමිනි.
එහි දී රාජිත සේනාරත්න මහතා මෙසේ ද කීවේය.
‘‘උසාවිය දැන් තීරණය කරලා තියෙනවා සිරිසේනගේ මරා නෑ. සිරා විතරයි. දැන් අපි එනවා රජ ගෙදරට. අපේ අගමැතිතුමයි අපියි වැඩේ බාරගන්නවා. හෙට උදේ අපි යනවා අමාත්‍යාංශවලට, උසාවියත් අවසර දීලා, පාර්ලිමේන්තුවත් අවසර දීලා. ලෝක ඉතිහාසයේ පළමු වතාවට අගමැතිකම්, ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් තහනම් කරලා ආණ්ඩුවක් ගෙදර යවපු පළමුවෙනි වතාව.
කොහොමද සිරිසේනගේ වැඩේ. දැන් මමයි බැනුම් අහන්නේ. දැන් ජනමාධ්‍යයට කියනවා දැන්වත් පිටකොන්ද ගන්න. දැන්වත් කියන්න මහින්ද රාජපක්ෂ මන්ත්‍රී කියලා මහින්ද රාජපක්ෂට දැන් අගමැතිකම් නෑ. සත්‍යය ජයගන්නවා. මේ අපේ මාතෘ භූමිය. මේකේ සෙල්ලම් දාන්න බැහැ. තවත් සෙල්ලම් කරන්න ආවොත් අපි යනවා ජනාධිපති කාර්යාලයත් වටලනවා. අපි ලෑස්තියි ඕන ජාතියකට.‘‘ යැයි සේනාරත්න මහතා පැවැසීය.
COMMENTS
බලාගෙන , ඊළගට මොනා කරයිද දන්නේ නැහැ.
ඔබලාට අවශ්‍ය රට බෙදා දී බලය ගන්න නේද? රටට ආදරේ නම් දැන්වත් ජනතා මතය විමසන්න ,කිසිම කෙනෙකුට රට ඉදිරියට ගෙන යාමට මහජනයාගෙන් අවසර නෑ, දැන්නම් ජනතාව ඉවසා හිටියා ඇති මේ සිංහල රට රැක ගන්න. සිංහලයෙනි එකතු වෙන්න.
ඔබට වැරදිලා ඔය ජයගත්තේ සත්‍ය නොවෙයි. මහජන ඡන්දයක් පවත්වපු දිනක සත්‍ය ජය ගන්නා බව දැනගන්න.
නිකං ඉන්‍ෙ දොස්තර මහත්තයෝ. බල තණ්හාවට රටම විනාස කරනව බොරු කිය කියා. ඕවට දැන් මිනිස්සු රැවටෙන්නෙ නැහැ. ඊලග ඡන්දෙ ඉක්මනට තියන්න. ඇයි ඒකට බය?
ජනාධිපතිතුමනි, මොනවද මේ කරන වැඩ? අඩුම වශයෙන් ආණ්ඩුවක් තිබිය යුතුයි නේද?
කාව වෙනස් කරත් ටෙලිකොම් එකේ සභාපති වෙනස් කරන්න බැහැ, ටෙලිකොම් එක දෑවැද්දට දීපු පගාවක් ලොක්කන්ට මේ රටේ පත්වන ආණ්ඩුවල.
අනේ මොනවද දන්නේ නැහැ කරන රාජකාරි? ඔයාලා 225 හරියට රාජකාරී කලානම් මේ රට සුරපුරයක් වෙන්න තිබුනේ 1948 වර්ෂයේ.
ඒ කියන්නේ මේ කටිටිය මහජන ඡන්දයෙන් පත් වෙච්ච මන්ත්‍රී වරු නෙමෙයිද? මෝඩ කතා කියන්න එපා. මම හිතන්නේ ඔබතුමා දාල තියෙන්නේ තඩි බෝතල් කණ්නාඩියක්. ඒකයි අයින් කරන්න අමාරු.
මහත්තයෝ බහුතර මහජනතාව මෝඩයෝ නොවෙයි. ඔය කතා නිකං පල්හෑලි විතරයි.
සමාවෙන්න..... 16 කණ්ඩායමේ ගොඩක් අය ඡන්දයෙන් පත් වෙච්ච අය නෙමෙයිනේ.
එයාට තාවකාලිකව හිටෙව්වා ට අරයට එන්න බෑ.
මෙයා බයේ දගලනවා
හිතට දුකයි නේද.කඩේ ගියාද වැඩක් නැ.ඡන්දෙන් පරාදයි. පාර්ලිමේන්තුවෙන් වැඩි ඡන්දෙන් පරාදයි උසාවියෙනුත් පරාදයි. ආයේ ඡන්දයක් තිබ්බොත් අැපත් නැ කට්ටියටම.