(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (28) පෙරවරු 9.30ට පැවැත්වේ.
මැතිසබයේ ලබන සතියේ කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඉදිරියේදී පත් කිරීමට නියමිත කෝප් සහ කෝපා ඇතුළු කමිටු පිහිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර රටේ ප්‍රශ්න විසඳීම සඳහා පිහිටවනු ලැබූ ජාතික සභාව කමිටුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (29) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය.
එම සභාව සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd