
(ඉන්දිකා රාමනායක)
යාපනය පේදුරුතුඩුව සහ වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශවල තිබී අද (27) පස්වරුවේ නාදුනන පුද්ගල මළ සිරුරු දෙකක් ගොඩගසා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම මළ සිරුරු අවුරුදු 40/50 අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකුගේ බවට සැකකරයි .
මේවා මීට දින 2-3 ට මිය ගිය පුද්ගලයන්ගේ බවට පොලිසිය සැක කරයි
මළසිරුරු මෙතෙක් හදුනාගෙන නොමැත
මේවා ඝාතනයන්ද නැතහොත් කිසියම් අනතුරුවලින් සිදු වුව ද යන්න හෙළිකර ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කරයි.
COMMENTS