IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රංජන් එළියට එන හැටි විජයදාස කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

රන්ජන් රාමනායක මහතා අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කල බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක මහතා දීර්ඝ කාලයක් දඬුවම් විඳ තිබීම,යහපත් කල් ක්‍රියාවෙන් සිටීම සහ සමාජයට දායකත්වයක් ලබාදීමට හැකි වීම හේතුවෙන් ජනාධිපති සමාව දීම සාධාරණ යැයි රජය විශ්වාස කරන බව ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සඳහා නීතිපති උපදෙස් සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වාර්තාව ලබාගත් බවත් සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව කොන්දේසියක් යටතේ සමාව දීම සුදුසු බව නිර්දේශ කල බවත් ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් විඳීම හේතුවෙන් අධිකරණය අවතක්සේරු නොවන ආකාරයට ජනාධිපති සමාව ලබා දිය යුතු බව විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය පිළිබඳ තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා බව ඔහු පැවසුවේය.

 



අදහස් (6)

රංජන් එළියට එන හැටි විජයදාස කියයි

පිටිගල මිලානෝ Thursday, 11 August 2022 10:30 AM

දුමින්ද කෝ දැන්?

:       0       3

Rata Perata Thursday, 11 August 2022 11:45 AM

මිනීමැරුම් චෝදනා තිබුණු දුමින්ද එළියට එනකොට ඔය කතා මොකුත් නෑ.

:       0       7

ගමේ එකාලා Thursday, 11 August 2022 12:31 PM

රටම හොරාකාලා ජනතාව මහ පාරට ඇදලාදාපු දුෂිත දේසපාලුවන්ට, සුදු වෑන් ඝාතන අතුරුදන් කරවපු උන්ට, මිනිමරුවන්ට ස්ත්‍ර්‍ර්‍ර්‍රි දූෂකයන්ට, කුඩු ජාවාරම්කාරයෝ රැකපු උන්ට මෙකී, නොකී දූෂිත දේශපාලුවන්ට ඔය නීතී කිසිවක් වලංගු නැහැ.

:       0       6

Perera Thursday, 11 August 2022 01:08 PM

ඇත්ත ඇති සැටියෙන්ම විග්‍රහ කරලා හිරෙන් නිදහස් වෙන්න විතරක් බොරුවට දෙකට නැමෙන්න ඕනි නැහැ. මුළු ලෝකයම දන්නව ලංකාවේ බොරුව දූෂණය රජකරනවා කියලා.

:       2       11

Bamunuarachchi Thursday, 11 August 2022 04:16 PM

විජේදාසත් රංජන්ගේ සේවය ලබාගත්තු කෙනෙක් වගේ. මේ හේතුව මත ඔබට අපේ ඡන්දය ලැබෙන්නේ නැත. ඡන්දය සඳහා වෙන ප්‍රදේශයක් සොයාගන්න. හිරේ ඉන්න කුඩු කාරයෝත් නිදහස් කර යවන්න.

:       6       3

de silva Thursday, 11 August 2022 07:57 PM

රන්ජන්ගේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න උසාවියක් ඉස්සරහ රස්තියාදු වෙන මිනිස්සු එක්ක විනාඩි 10ක් කතා කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site