(විනීතා එම් ගමගේ)
ජාතික අක්ෂි රෝහල පුරා ඇඳ මකුණන් බෝවී තිබීමෙන් නේවාසික රෝගීහු බරපතල අපහසුතාවන්ට පත්වන බව එහි එහි කළ සංචාරයක දී දැකිය හැකි විය.
රෝහලේ ඇඳන්වල පමණක් නොව ජනෙල් රෙදිවල ද මකුණන් විශාල වශයෙන් බෝවී තිබෙනු දැකිය හැකි වූ අතර රාත‍්‍රී කාලවල දී මකුණන් බිත්ති පුරා දිවයන අන්දම ද දැකිය හැකි විය. ඇඳන්වල ඇති මෙට්ටවල කවර තුළ මකුණන් පොකුරු වශයෙන් රැඳී සිටින බව ද පෙනී ගිය අතර බොහෝ නේවාසික රෝගීන් මකුණන් දෂ්ඨ කිරීමෙන් නින්ද නොමැතිව සිටින බව පැවැසූහ.
මේ තත්ත්වය යටතේ බොහෝ රෝගීන් ඇඳන්වල නොනිදා බිම නිදාගන්නා බව නිරික්ෂණය කළ හැකි විය. එමෙන්ම ඒ තත්ත්වයට පුරුදු වී ඇති මකුණන් බිම නිදා සිටින රෝගීන්ට ද දශ්ඨ කරන බව නේවාසික රෝගීහු කියති.
විශේෂයෙන් මේ තත්ත්වය 4 හා 14 වාට්ටුවල පවතින බව නිරික්ෂණය කළ හැකි විය. අනෙක් වාට්ටු ද මෙම තත්ත්වයේම පවතින්නේ යැයි රෝගීහු කියා සිටියහ.
ඉකුත් දෙසැම්බර් 21 වැනිදා මෙම වාට්ටු වසා මකුණන් නැසීම සඳහා කටයුතු කළ බව මේ පිළිබඳ විමසීමේ දී රෝහල් ප‍්‍රකාශකයෙක් කියා සිටියේය. කෙසේ වෙතත් යළි මකුණු උවදුර පැතිර ඇතැයි පැවසූ එම ප‍්‍රකාශකයා යළිත් එවැනි මකුණු නාශකයක් යෙදිය යුතුව ඇතැයි ද පැවැසීය.
එමෙන්ම රෝහලේ නේවාසික රෝගීන්ට ආහාර ලබා දීමේ දීද බරපතල ප‍්‍රශ්න පවතින බව ද නිරික්ෂණය කළ හැකි වූ අතර සමහර දිනවල දී උදේ ආහාරය ලෙස බත් හා පොල් සම්බෝල පමණක් ලබා දෙන බව ද දැකිය හැකි විය. එමෙන්ම දිවා ආහාරයේ ඉතිරිවන දේ රාත‍්‍රි ආහාර සඳහා ද එක්කරන අවස්ථාවන් නිරික්ෂණය වූ අතර සමහර දිනවලට ප්‍රෝටීන් සහිත කිසිදු ආහරයක් රෝගීන්ට ලබා නොදෙන බව ද දැකිය හැකිවිය.
ජාතික අක්ෂි රෝහලේ ඉතා දුර බැහැර සිට පැමිණ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් ද සිටින බැවින් මේ පිළිබඳව ඉක්මණින් සොයා බලන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව ද නේවාසික රෝගීහු පිරිසක් පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිපාලනය බල්ලට ගිහිල්ලද? නැතිනම් බල්ලා පරිපාලනයට ගිහිල්ලද? මේවා එදිනෙදා රෝහලේ පරිපාලන කටයුතු නොවේද? රෝහල් අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂක, මෙට්‍රන්වරිය, පරිපාලන නිලධාරි වගේ තනතුරු තියෙන්නේ කුස්සියේ පොල් ගාන්නද? අකාර්යක්ෂම නිලධාරීන්ගෙන් ආයතනයකට හෝ රටට ඇති ප්‍රයෝජනය කුමක්ද? ඉහත තනතුරුවල ඉන්න උදවිය යවන්න බේරේ වැව සුද්ද කරන්න...
මකුනෝ මර්දනයට මහලොකු දේවල් උවමනා නැහ. රෙදි සෝදන කුඩු දිය කර ඉස්සහම මකුණු බිත්තරත් විනාශ වෙනවා.
ලංකාව කියන්නේ ඇපයේ කොටසක් බව මෙයින් නිගමනය කළ හැකිය.
1970 ගණන්වල මකුණු වුවදුර ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ ඉතාම ව්‍යවසනයක් ලෙස පැතිරුණා. ලංකාවේ දුම්රිය, රජයේ ආයතන, රෝහල්, ගෙවල් දොරවල් වල පැතිර තිබුණු එවකට "රන්බග් " නමැති මකුණු නාශක බෙහෙතක් අනුමත වුණා. පසුව ලංකාවේ මෙම උවදුර තුරන් වුණා. නැවත මේ ගැන අහන්න ලැබීම කණගාටුවට කරුණක්... මේ සඳහා අවශ්‍ය පියවර නොගන්න අලස නිලධාරීන්, සේවකයන්, රාජ්‍ය සේවයෙන් ඉවත් කළ යුතුය. ලංකාව අපායක් නොවී තිබෙන්නේ සමහරක් මිනිසුන්ගේ අලස බව පමණි. බහුතරය පරිසරය හොඳින් තබා ගැනීමට කැමතිය.
ජනාධිපති තුමා කරනතුරු බලන් ඉන්නවා වෙන්න ඇති
මම ජාතික අක්ෂි රෝහලේ සහ මහ රෝහලේ පසුගිය දෙසැම්බර් මස දින 10ක් පමණ ප්‍රතිකාර ගත්තා. මේ මම ඇසින් දුටු දේවල්. සමහර විට මම කියන දේවල් විශ්වාස කරන එකක් නැහැ. (1) මහ රෝහලේ 17 වාට්ටුවේ මම ප්‍රතිකාර ගත්තා. මම දුටුවා ප්‍රතිකාර ගන්න රෝගීන් ගංජා සහ කුඩු ගහනවා. මේකට වාට්ටුවේ වැඩ කරන සුළු සේවකයන් සම්බන්ධයි. නර්ස්ලත් දන්නවා ඇති, නොදැක්ක වගේ ඉන්නවා. (2) අක්ෂි රෝහලේ 6 සහ 7 වාට්ටුවල ප්‍රතිකාර ගත්තා මකුණන් නිසා මම බලෙන් ටිකට් කපාගෙන ආවා. 7 වාට්ටුවේ රාත්‍රී කාලයේදී කෑම කන කාමරයේ කුඩු ගහනවා. මේකට වාට්ටුවේ වැඩකරන සුළු සේවකයන් සම්බන්ධයි. නර්ස්ලත් දන්නවා ඇති, නොදැක්කා වගේ ඉන්නවා.
රවීන් ඔයා කියන එක හරියට හරි... මතකද කෝප් කමිටුවට ආපු ටයි සුට් ඇඳගෙන ප්‍රශ්නවලට පිළිතුරු දීපු හැටි සුද්දගේ අැඳුමටත් ලැජ්ජයි. ජනාධිපතිතුමාට තියෙන්නේ කෝප් කමිටුව දිගටම ගෙනියන්න ඕනේ... එහෙම නැතිනම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මර්වින් සිල්වාට දෙන්න ඕනේ... එයා ශ්‍රමදානයක් දාලා මකුණන් ටික නැති කරලාම දාවි..
රෝගීන් සිංගප්පූරු රෝහලට යැව්වා නම් ප්‍රශ්නය ඉවරයි.
ලංකාවේ අධිකරණ ක්‍රියාවලියට මේ ටිකම වෙලා.
ඔය රෝහල් වල නගර සබා වල වැඩ කරන අය පිට වැඩ කරන්නේ ඇවිල්ල පොත අත්සන් කරලා පිට රස්සාවල් කරනවා ත්‍රීවීල් දුවනවා කඩ කරනවා. එක එක බිස්නස් කරනවා .මාසේ අන්තීමට ඇවිල්ල පඩිය ගන්නවා.
රටේ තත්වය මේවැනි දේ වලින් හොදට පැහැදිලියි. රට කොතනද තියෙන්නේ කියලා.
මකුණු කරදරය නිසා නේවාසික රෝගීන්ට හරියට නින්දක්වත් නැහැ.
අක්ෂි රෝහලේ විතරක් නෙමෙයි. රට පුරා ප්‍රාදේශීය රෝහල් රැසකම තත්වය ඔය වගේම තමා. මකුණු කරදරය නිසා නේවාසික රෝගීන්ට හරියට නින්දක්වත් නැහැ.
අන්තරේ දරුවෝ ඇවිත් ශ්‍රමදානයක් දාලා සුද්ද කරලා දෙයි.
මකුණන්ට විරුද්ධව නඩු පවරනවා මම හෙටම. ඇයි ඒ ගොල්ලන්ට අරලියගහ මන්දිරේ පදිංචිවෙන්න බැරි ? එහෙ හොඳ හොඳ කෑම තියෙනවානේ.