IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


යාපනය සරසවි සිසුන් හා පොලිසිය අතර ගැටුමක්

(සිතුම් චතුරංග)         

හිටපු එල්.ටි.ටි.ඊ නායකයකු වූ මියගිය තිලීපන්  සිහිකරමින් යාපනය විශ්ව විද්‍යාලයේ  සැමරුම් උත්සවයක් සංවිධානය කරන බවට පොලිසියට ලද තොරතුරක් අනුව යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද (25) විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමත් සමඟ සිසුන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක්  හට ගැණිනි.

විශ්ව විද්‍යාලයේ බහුතරයක් සිසුන් කළු පැහැති ඇඳුමකින් සැරසී විශ්ව විද්‍යාලයට පැමිණ සිටි අතර හිටපු එල්.ටි.ටි.ඊ නායකයකු වූ ත්‍යාගදීපන් තිලීපන්ගේ 33 වැනි ගුණ සැමරුම් උත්සවය දින දෙකක් පැවැත්වීමට සූදානම් කර ඇතැයි  ලද තොරතුර අනුව පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කර තිබේ.

ආරක්ෂාව යොදවා සිටි පොලිස් නිලධාරීන් සිසුන් වෙත පවසා සිටියේ තිලීපන් සැමරුම් සිදුකිරීම අත්හිටුවමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබාදී ඇති බැවින් අධිකරණ නියෝගයන්ට අවනතව අධ්‍යයනය කටයුතු සිදුකරන ලෙසයි.

පොලිසියේ ප්‍රකාශයට සිසුන් විරෝධය පලකළ අතර එහිදී ඔවුන් පවසා සිටියේ විශ්ව විද්‍යාලයට තමන් කැමති ආකාරයේ ඇඳුමකින් සැරසී පැමිණිමට සිසුන්ට අයිතිය ඇති බවත් විශ්ව විද්‍යාලය තුළ සිසුන්ගේ ක්‍රියාවන් සඳහා වලට බලපෑම් නොකරන ලෙසත් පවසා තිබේ. එම ප්‍රකාශයත් සමඟ සිසුන් පොලිසිය වෙත විරෝධතාවය පළ කිරීමටත් සමඟ උණුසුම් තත්වයක් ඇති වූ බව පොලිසිය පවසයි.

අධිකරණ නියෝග පිළිබඳ සිසුන් දැනුවත් කිරීමෙන් පසුව විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිටි පොලිසිය ඉවත් කිරීමට කටයුතු කළ බවද යාපනය පොලිසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

යාපනය සරසවි සිසුන් හා පොලිසිය අතර ගැටුමක්

Hafeel Friday, 25 September 2020 03:20 PM

බෙදුම්වාදී විෂබීජය මේ ගොල්ලන්ගෙන් නැතිකරන්න බැහැ වගේ...

:       0       23

jayasekaraSaturday, 26 September 2020 03:45 AM

මේ අයව එවන්න ඕනෑ දකුණේ විශ්ව විද්‍යාලවලට..

:       0       8

විජේ Saturday, 26 September 2020 04:59 AM

පාතාලය, හිරගෙවල් සුද්ද කරනා සේම උතුරේ සහ දකුණේ සියලුම විශ්වවිද්‍යාලයන්ද සුද්ද කළයුතුව ඇත. වර්තමානයේ විශ්වවිද්‍යාලවලින් පිටවන සමහරක්, සමහර හරක්ටත් අන්තයි...

:       2       14

RaveendraSaturday, 26 September 2020 09:05 AM

සහතික ඇත්ත. එවන්නන්ට සාමකාමී සමාජයක් තුළ ජීවත්වීමේ අයිතිය කිසිඳු අයුරකින් ලබා නොදිය යුතුමයි.

:       3       5

සෙනෙවිරත්න Sunday, 27 September 2020 02:34 AM

මහත්මයා ඉන් අදහස් කලේ ඝාතනය කිරීමද? හිර ගෙදර කලේ ඒක නිසා, මහත්මයාගේ ළමයෙක්, නෑයෙක් මෙතන හිටියොත් එම අය නිවැරදිද? වැරදිද නොසොයා ඝාතනය වුණොත් ඒක පිළිගන්නවාද? එහෙම කරලා රටක් හැටියට ඉන්න පුළුවන් වේවිද? මහත්මයා 69 ලක්ෂයෙන් කෙනෙක් නම් ආවේගයට කියැවුණා වෙන්න ඇති. මේකෙන් පිටයන්නේ හරක් නම් උ.පෙළ හරක්ටත් ලියලා පාස්වෙන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site