
(ඩයනා උදයංගනී)
ආණ්ඩුව මේ අවස්ථාවේ ඔලුව පාවිච්චි කර වැඩනොකළොත් ශ්‍රී ලංකාවට චීනයත් නැතිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ අවසරය මත චීනයේ සිට හම්බන්තොට වරාය දක්වා පැමිණීමට නියමිතව තිබූ යුවාන් වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලුකාරී තත්වය රටට අහිතකර හා පාඩු නොවන ලෙස ආණ්ඩුව විසඳාගනු ඇතැයි විශ්වාස කරන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
තම රජයෙන් පසු බලයට පැමිණි රජය ද ජපානය ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බව කී හිටපු ජනාධිපතිවරයා මෙය රටේ විදේශ ප්‍රතිපත්තියේ වරදක් බවත් ශ්‍රී ලංකාවට ලොව සෑම රටක්ම වැදගත් බවත් කීවේය.
වත්මන් විදේශ කටයුතු ඇමති අලි සබි්‍ර මහතා ඉතා හොඳ මානවවාදී උගත් අයෙක් වුවත් අමාත්‍යාංශ නිලධාරීන් මෙම නෞකාවට අවසර දී ඇත්තේ අමාත්‍යවරයාගේ අවසරය හෝ නොමැතිව බව දැනගන්නට ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
වර්තමානයේ දී නව තාක්‍ෂණය සමඟ මාධ්‍ය ඉතා බලවත් වී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා අතේ සතයක් නොමැතිව රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ආ ගමන්ව ජනාධිපතිධූරයට ගෙනආවොත්, අන්තිම කාලයේදී තමන් නැත්තට නැති කළේත් සමාජ මාධ්‍ය බව ද පැවසීය.
තරුණයින් නායකත්වය ගත් අරගලයට ලක්‍ෂ ගණනාවක් එකතුකළේත්, රටේ පාලකයා රටෙන් පිටකිරීමට තරම් ශක්තියක් ගොඩනැගුවේත් ජංගම දුරකතනයෙන් බව ද හෙතෙම කීවේය.
ආණ්ඩුව කොයිතරම් හොඳ වුණත් ජනතාවට එය නරක් කර පෙන්වන්නත්, ආණ්ඩුව කොයිතරම් නරක් වුණත් හොඳම ආණ්ඩුව කරලා පෙන්වන්නත් මාධ්‍යයට හැකි බව ද සිරිසේන මහතා පැවසීය.

COMMENTS
පාස්කුව මතකද එකෙන් අත පිහිදාගන්න ඔයාට බැහැ.මතකද ලෝකේ රටවල කුඩා දරුවන්ගේ සිට හෝටල් වල තිබී මළකුණු හොයා ගත්තා ඔයාට බැහැ ලොකේ රටවල් වල මිත්‍රකම් ගැන කතා කරන්න.අපිට අමතක නැහැ ඔබගේ කල්ක්‍රියාව.දැනට ඔහොම යමු...
ශ්‍රී ලංකාවේ රජයේ ආයතන වල ඉහලම නිලධාරීන් පුරවැසියන් හෝ විදේශ රටක ස්ථිර පදිංචිකරුවන් හෝ ඔවුන්ගේ පවුල්වල උදවිය පුරවැසියන් හෝ ද්විත්ව පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන්, එසේත් නොමැති නම් ඔවුන්ගේ දරුවන් විදේශ අධ්‍යාපනය හදාරන අතර එම රටවල පදිංචිය බලාපොරොත්තු වෙනවා. මෙම ඉහළ රජයේ නිලධාරීන් ඔවුන්ගේ විශ්‍රාම සුවය සලස්වා ගැනීමට බලාපොරොත්තු වන්නේ ඒ රටවලයි. මොවුන් ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය තකා වැඩ නොකරන අතර මොවුන්ගේ අභිප්‍රාය තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජනයි. මෙම නිලධාරීන්ගෙන් රටට සිදුවෙන අකටයුතුකම් දේශපාලනඥයන්ට වඩා වැඩියි. රාජ්‍ය වංචා ගත්තොත්, වංචා කළ මුළු මුදල ඒකත් දේශපාලනඥයන්ට වඩා වැඩියි. මෙම ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ අකටයුතුකම් පරික්ෂා කිරීමට තවත් නිලධාරීන් පත් කිරීමටවත් නිලධාරීන් නෑ. ඔබට රටේ තත්වය මේකෙන් දැනගන්න පුළුවන්. ගොඩ ඒමක් නෑ.
ඔබතුමා කියන්න මොකක්ද දැන් කරන්න ඕනේ කියලා?
බුදු අම්මෝ ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් කෝටි ගණන් හොරාකාපු අයත් බකතපස් වෙලා... අත් දෙක බැඳගෙන භාවනා කරනවද?
ලංකාවේ ජනමාධ්‍ය නෑ. ජඩ මාධ්‍ය තියෙන්නේ.
ඔබතුමාට ලැබුණු ජනපතිකම ජනතාවට ඡන්දෙට කළින් පොරොන්දු වූ ආකාරයට ඉෂ්ථ කළා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. ඔබත් දැන් එනවා උපදෙස් දෙන්න. චීන යුද නැව් අපිට එපා... අසල්වැසියා තරහ කරගෙන යුක්‍රේනයට වෙලා තියෙන දේ පේනවා නේද?
maga sitiyoth tho nasi. gedara giyoth ambu nasi. mehema giyoth apata chine nathiwenawa. cineth ekkala api ekathu wunoth chine nathiwenawa.
මේ තමයි 2018 ඔක්තෝබර් මහින්ද අගමැති කරලා අද රට මේ තත්වයට පත්කිරීමට මුල්ගල තිබ්බ මනුස්සයා.. එහෙම කරපු මේ රටේ ව්‍යවස්ථාව ගැන නොදන්නා මෙයා මොනවා දැනගෙනද ලෝක දේශපාලනය ගැන කතා කරන්නේ?
Do not worry it, it' s fortune for the country. Now it's enough. What they have done with the foolish and stupid politicians.
ඔහේල කොරපු දේවල් නිසා ලංකාවට චීනය නැතිවුණාට චීනෙට ලංකාව තියෙනවා ලොක්කන් ඒකනේ එපා කියද්දී උන්ගේ නැව් අපේ රට වටේ කරක් ගහන්නේ