(සුජිත් හේවාජුලිගේ)
පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (21) බාරදෙනු ලැබීය.
පාසල් විවෘත කිරීම එම මාර්ගෝපදේශ අනුව සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද පාසල්වලට නිකුත් කෙරෙනු ඇති බවයි.
පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් එම මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය දැනටමත් තීරණය කර ඇත.
COMMENTS
සත්‍ය නම් මෙය යථාර්තයක් වීමට තවත් මස කිහිපයක් ගතවන බවයි. ඉන් පසුත් බොහෝ විට මාස කිහිපයක් යන තෙක් පන්තියකට දරුවන් 15 බැගින් පාසල් පැමිණීමට සිදුවනු ඇත. තවත් කල් නොයවා ක්‍රමවත් සැලසුමක් සූදානම් කරමු. සෑම ශ්‍රේණියකටම අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම්කරන වාර විභාගයක් සුදානම්කර පාසල් ආරම්භ වූ වහාම පවත්වා එහි ලකුණු රැස්කර විශ්ලේෂණය කරන්න. අධ්‍යාපන ගැටළු හදුනාගෙන දීප ව්‍යාප්ත සැලසුමක් සාදන්න. ඇති හැකි අය පමණක් මෙම වසංගතය හමුවේ යම් අධ්‍යාපන මට්ටමක් ලබාගත්තද, බහුතර දරුවන්ගේ මට්ටමේ විශාල කඩා වැටීමක් වී ඇත. ප්‍රථමයෙන් අඩු ළමයින් සහිත පාසැල් හැකි ඉක්මනින් ආරම්භ කර ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරකින්න. පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් පාසලට කැදවා එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියාමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. මෙම ක්‍රමය සාර්ථක කර ගතහොත් කොටස් වශයෙන් දරුවන් පාසලට පැමිණෙන අවස්ථාවක පවා අඛණ්ඩව ඉතිරි දරුවන්ට මාර්ගගතව පාඩම හා සම්බන්ද වීමට අවස්ථාව සැලසේ.
කවද්ද පාසල් විවෘත කරන්නේ?
තාම අවදානම පහව ගොස් නැත
පාසල් පටන් ගැනීමට පෙර වයස 05න් උඩ ළමුන්ටත් එන්නත දෙනවා නම් හොඳයි.
2021 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයාවක් ලෙස පාසල් විවෘත කිරීමට රජය ගෙන තිබෙන තීරණයට ගරු කරමි.