(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය විසඳීම සඳහා පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10 ක සහන කාලයක් ලබා දීමටත් ඉන්පසුව වසර 15 ක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමටත් පැරිස් සමාජය යෝජනා කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.
පැරිස් සමාජය පැහැදිලිවම ඉඟි කරන්නේ ධනය අසමාන ලෙස බෙදී ගියද ශ්‍රී ලංකාවට නැවත පණ දීම සඳහා ගෝලීය උතුරට සමාන කප්පාදුවක් දකුණ ද දරා ගත යුතු බව යැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට නැවත පණ දීමට ණය හිමියන්ට විශාල පාඩුවක් විඳීමට සිදුවනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.
කෙසේ නමුත් පැරිස් සමාජය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියන් වන චීනයට සහ ඉන්දියාවට මෙම යෝජනාව ඉදිරිපත් කර නැතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියත් චීන රජය සමග නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කර නොමැති වීම හේතුවෙන් දෙසැම්බර් කාල සීමාව ඉතාමත් අපහසු බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.
එම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තැබිය හැක්කේ මාර්තු මස පැවැත්වෙන රැස්වීමේදී බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගන්නා තෙක් ඉදිරි මාස තුන සඳහා ශ්‍රී ලංකාවට කෙටි කාලීන මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බවත් සියල්ල යථා තත්ත්වයට පත් වීමට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අර්බුදය නිසැකවම තවත් නරක අතට හැරෙණු ඇති බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි ගියොත් එහෙම දේශපාලුවෝ තව ටිකක් හොරාකන්න පටන්ගනියි.
මුන්ට පිස්සු ඔහොම නොවේ ලෝක බැංකුවේම තියෙන සල්ලි දුන්නත් වැඩක් නැහැ කපුටයි උගේ පරම්පරාවයි රනිල්ගේ group එකයි ඉන්න තුරු... උඹලා දීපල්ලා හැබැයි අපි නම් ගෙවන්නේ නැහැ
කරුණාකර මේ රටට යුරෝපීය රටකින් හෝ ඇමරිකාවෙන් ආධාර නොකරන්න. මොවුන්ව චීනයේ හෝ ඉන්දියාවේ කොලනියක් වීමට ඉඩ දෙන්න. මේ සර්පයින්ව ඔබලාගේ රටවලට කිසිසේත් ගැලපෙන්නේ නැහැ.
ණය දෙන්න එපා... වාරණයකින් යුතුව මෙහෙ ඉන්න අයට යුරෝපයේ පුරවැසි බව දෙන්න. ඒක විතරයි ඔයාලට අපි වෙනුවෙන් කරන්න පුළුවන්.. සලකන්න අපිව දේශපාලන සහ දූපත් සිරකරුවන් ලෙස... එහෙම හිතලා අපිට සරණාගත වීසා දෙන්න. බැගෑපත්ව ඉල්ලනවා.
අප්පට සිරි දේශපාලු හොරුන්ට ඡන්ද කරන්න මල්ල කරේ.., ජනතාවට ඉතිං හුළං සහ ණය තමයි. අපේ ළමයින්ට දෙයියන්ගේම පිහිටයි..!
මොකටද ණය දෙන්නේ? සුනාමි ආධාරවලින්, සිරිලිය ගිණුමෙන්, දූෂිත පවුල් පාලනේ අය , දේශපාලුවන් මහා පරිමාණයෙන් හොරාකාපුවා ඕනෑතරම් තියෙන්නේ... රට බංකොළොත් කරපු දූෂිත දේශපාලුවන්ගෙන් අයකරගන්න ක්‍රමයක් හොයාගන්න බැරියැ...