ලොව උසින් වැඩිම කාන්තාව ලෙස ගිනස් වාර්තා අතරට යෑමට 24 හැවිරිදි තුර්කි ජාතික කාන්තාවක වන රෑමේසා ගෙල්ගි සමත් වූවාය. ඇගේ උස අඩි 7 යි අගල් 0.7 කි.
රෑමේසා ගෙල්ගිගේ උස මෙලෙස අසාමාන්‍ය ලෙස වැඩි වී ඇත්තේ රෝගී තත්ත්වයක් නිසාය. එය හැදින්වෙන්නේ 'වීවර් සින්ඩ්‍රෝමය' යනුවෙනි. රෑමේසා ගෙල්ගිගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව ඇගේ වෛද්‍යවරු කියති.
'මට ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ. වෛද්‍යවරුන් ඒ බව මට පවසා තිබෙනවා. ඒ ගැන දුකක් නැහැ. ගිනස් වාර්තා අතරට යෑමට හැකිවීම ගැන සතුටුයි' යැයි ගෙල්ගි පවසා තිබේ.
2014 දී ලොව උසින් වැඩිම 'ගැටවරිය' ලෙස ගෙල්ගි ගිනස් වාර්තාවක් පිහිටුවූවාය.
එවිට ඇගේ වයස අවුරුදු 18 කි.
රෝගී තත්ත්වය උත්සන්න වෙද්දී, ගෙල්ගිට වැඩි වේලාවක් සිටගෙන සිටීමට හෝ ඇවිදීමට හෝ හැකියාවක් ලැබෙන්නේ නැත. ඇය ගමන් බිමන්වල යෙදෙන්නේ රෝද පුටුවක ආධාරයෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වාර්තා තිබ්බත් වැඩක් නැහැ මේම කාන්තාව රෝගියෙක්.