IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගේ දුරකතනය-ලැප්ටොප් පොලිස් බාරයට

(*** මුදිතා දයානන්ද)

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ පෞද්ගලික ජංගම දුරකථනය පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගන්නා ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඊයේ (14) නියෝග කළේය.

ජයවර්ධන මහතා භාවිත කරන ලැප්ටොප් පරිගණකය ද මෙම පොලිස් ඒකකයට භාරදෙන ලෙස සභාපතිවරයා ඊයේ නියෝග කළේය.
සභාපතිවරයා මෙම නියෝගය කළේ ජයවර්ධන මහතා විසින් ඔහු හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් කොමිසම කළ නියෝගයක් අනුව කොමිසම හමුවේ ඊයේ අසන්නට සැලැස්වීමෙන් අනතුරුවය.

මෙම සංවාදය ඇතුළත් හඬපටය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර එය යම් සංස්කරණයකට ලක්ව තිබේ දැයි පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස සභාපතිවරයා කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට නියෝග කළේය.

 එම හඬපටයත් මීට පෙර ඔහු විසින් කොමිසමට ඉදිරිපත් කර තිබෙන හඬ පටත් ජයවර්ධන මහතා තමන්ගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකය භාවිත කර කොමිසමට ඇසෙන්නට සැලැස් වූ බැවින් එම පරිගණකයේ පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ වන තවත් හඬ පට හෝ වෙනත් ලිපිලේඛන තිබේදැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බව ද කොමිසමේ සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකය කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට භාරදෙන ලෙස සභාපතිවරයා ජයවර්ධන මහතාට නියෝග කළේය. එහි අඩංගු පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ වන හඬපට හෝ වෙනත් ලේඛන තිබේ නම් ඒවා පමණක් ජයවර්ධන මහතා ඉදිරිපිටදීම පිටපත් කරගෙන නැවත පරිගණකය ඔහුටම භාරදෙන ලෙස ද සභාපතිවරයා නියෝග කළේය.

ජයවර්ධන මහතා  කොමිසමට ඊයේ ඉදිරිපත් කළ දුරකථන සංවාදය සහිත හඬපටය අනුව එම සංවාදයේ ආරම්භක කොටසක් නොමැති බව කොමිසමට වැටහී යන බව ද ඒ නිසා ඔහු සංවාදය පටිගත කරනු ලැබු ජංගම දුරකථනය ද පොලිස් විමර්ශන ඒකකය භාරයට ගෙන එහි සම්පූර්ණ හඬ පටය ලබා ගැනීමට කටයුතු කරන ලෙස සභාපතිවරයා නියෝග කළේය.

එම දුරකථනය ඔහුගේ පවුලේ සාමාජිකයකු  දැනට භාවිත කරන බැවින් එය නිවසේ ඇති බවට ජයවර්ධන මහතා කොමිසම කළ විමසීමක දී පැවසීය.

ඒ අනුව එම නිවසට ගොස් අදාළ දුරකථනය තම භාරයට ගන්නා ලෙස සභාපතිවරයා විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය.

 



අදහස් (0)

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගේ දුරකතනය-ලැප්ටොප් පොලිස් බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13431 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 86 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site