(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඇමති ආරක්ෂක අංශයේ කටයුතු කළ විශ්‍රාමික පොලිස් පරීක්ෂකයෙක් සතුව තිබූ පිස්තෝලයක්, ජීව අත්බෝම්බයක් සහ විවිධ වර්ගයේ ජීව පතරොම් තොගයක් අද පස්වරුවේ  විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිපැන්න, ගල්මත්ත , නව මාවත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික පොලිස් පරීක්ෂක පරීක්ෂකවරයකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අවිය, ජීව අත්බෝම්බ‍ය සහ විවිධ වර්ගයේ පතුරම් 350 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරු වැලිපැන්න පොලිසියට භාරදී තිබේ.

සැකකාර හිටපු පොලිස් පරීක්ෂකවරයා පොලිසියේ අවි ගබඩාවක් භාරව රාජකාරී කර ඇති බවද පැවසේ.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .