(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සාමාන්‍ය පෙළ විභාගයේ ඇඩ්මිෂන් එක අමත වී පැමිණි ගෝනපොල පලන්නෝරුව මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානට පැමිණි සිසුවියකට  උපකාර කළ පොලිස් සැරයන් (41013) ඒ.කුලරත්න මහතාගේ සේවය  ඇගයීමට පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පියවර ගත්තේය.

"පොලිස් නිලධාරියකු කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරියකු පමණක් නොව යම් පුද්ගලයකු අපහසුතාවයකට කරදරයකට පත් වූ අවස්ථාවක ඉදිරිපත්ව කටයුතු කිරීමට තරම් නිහතමානී පුද්ගලයකු බවට සැරයන්  කුලරත්නගේ ක්‍රියාව මුළු ලෝකයටම පසක් වුණා යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා කියා සිටියේය.

එය මුළු පොලිස් දෙපාර්තමේන්තුවට ද ආඩම්බරයක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියේය.