බිමල් ෂ්‍යාමන් ජයසිංහ
ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට අපහාස වන අයුරින් ඔහුගේ රුවට සමාන ඡායාරූප යොදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා අද (19) දෙවැනි දිනටත් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම වීඩියෝ පටය සංසරණය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීනී මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ඊයේ දින ප්‍රකාශ ලබා ගත් බව උසස් පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.