IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


රන්ජන්, ගිහාන් පිළපිටිය සමඟ කළ හඬපටවල පිටපත් දෙන්නැයි නීතිපතිගෙන් නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)

පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අතර සිදුවී ඇති දුරකථය සංවාදයන් 12 ක හා වීඩියෝ පටවල පිටපතක් නොපමාව ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (12) දැනුම් දුන්නේය.

රන්ජන් රාමනායක මහතා සහ ගිහාන් පිළපිටිය මහතා අතර දුරකථය සංවාදයන් 12 ක් සිදුවී ඇති බව දුරකථන විස්තර වාර්තා අනුව හෙළි වන බව වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට ලක් කරන නීතීපතිවරයා ඉදිරි නෛතික පියවර සඳහා ඔවුන් අතර සිදුවී ඇති දුරකථය සංවාදයන් හා වීඩියෝ පටවල පිටපතක් ලබාදීමට පියවර ගන්නා ලෙසද දැනුම් දී ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ අත්සනින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇති මෙම ලිපියේ පිටපත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට හා රජයේ රස පරීක්‍ෂවරයාට ද යොමු කර ඇත.

පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් අපේක්‍ෂාවෙන් ඉදිරිපත් කර ඇති උධෘතයන් පරීශීලනය කිරීමෙන් පසුව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම ලිපිය නිකුත් කර ඇත.

2015 ජනවාරී මස පළමුවැනිදාත් 2019 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේදී විනිසුරු ගිහාන් පිළපිටිය මහතා රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදයන් 12ක් සිදුකර ඇති බව දුරකථන විස්තර වාර්තා අනුව අනාවරණය වන බව නීතීපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.

විශ්ලේෂණ සඳහා ඉදිරිපත් කර ඇති දෘඩාකාංග මඟින් දුරකථන සංවාදයන් හා වීඩීයෝ පටවල පිටපත් ලබාගෙන නීතීමය පියවර සඳහා නොපමාව තමාට ලබාදීමට පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය මඟින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.



අදහස් (5)

රන්ජන්, ගිහාන් පිළපිටිය සමඟ කළ හඬපටවල පිටපත් දෙන්නැයි නීතිපතිගෙන් නියෝග

Champa Wednesday, 12 February 2020 12:19 PM

මොනවා? දැන් නඩුව අහන්න යන්නේ නීතිපතිද? නීතිපතිට නඩු අහන්න බලය දුන්නේ කවුද? තමන්ගේ සීමාව දැනන් වැඩ කරන්න නීතිපතිතුමා. මම කතා කරන්නේ මේ නඩුව ගැන විතරක් නෙමෙයි. පුද්ගලයන් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න කියන්න නීතිපතිට බලයක් නැහැ. ඔහුට කරන්න පුළුවන් නඩු දාන එක විතරයි. අත් අඩංගුවට ගන්නවද නැත්ද කියන එක තීරණය කරන්නේ නඩු කාරයන්...

:       2       129

MaheeWednesday, 12 February 2020 06:17 PM

ඔබ සමග 100% ක් එකඟයි. හිස උදුම්මවා ගත් තවත් තවත් රජයේ සේවකයෙක්. අර විරෝධතා හඬ නගන නීතිඥවරුන් කියනවා වගේ අපිත් අහන්නේ, "නීතිපති පොලිස්පති වෙලාද"?

:       5       6

Amula Wednesday, 12 February 2020 05:10 PM

දන්නැති නිසා අහන්නේ මේ කොන්ඩෙ අවුල් වැඩ කරන්නේ කවුරු කියන විදිහටද?

:       0       7

Mahesh Thursday, 13 February 2020 02:32 AM

ඔබ නඩුකාරවරයාද? ඔබට නැති බලයක් ආරෝපණය කරගනිමින් රජයද අපහසුතාවයට පත්කරමින් සිටියි.

:       0       4

eresh S kumara Thursday, 13 February 2020 04:47 AM

ශාෆිගේ cctv දත්ත වගේ වෙයිද දන්නේ නෑ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 873 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site