IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


මොකක්ද මේ ‘තාප ආඝාතය‘ කියන්නේ?

දරුවන්ගේ ආරක්ෂාවත්, තම ගමන් පහසුව උදෙසා යැයි සිතමින් ඇතැම් දෙනා වාහන තුළ දරුවා රඳාවා තබා යන අයුරු මෑත කාලයේදී දක්නට ලැබෙන්නකි. ඒ සමඟම එසේ වාහන තුළ සිටියදී දරුවන් මියගිය පුවත්ද දැන් අසන්නට ලැබේ. පසුගිදාවක එවන් පුවතක් වාර්තා වූ අතර එයද වාහනය තුළ තනිවම සිටි වයස අවුරුදු 14ක දරුවකු මරණයට පත් වීමේ සිද්ධියකි. මෙයාකාරයට දරුවන් වාහන තුළ සිටයදී මිය යන්නේ ඇයි? ඊට හේතුව කුමක් විය හැකිද?

මෝටර් රථයක සිටින විට දරුවාගේ ශරීර උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යාමට වැඩි කාලයක් ගත නොවේ.

තාප ආඝාතයේ හානි

මෙහි අවධානම් තත්ත්වය තාප ආඝාතය (Heat Stroke) නමින් හැඳින්වේ. ‘හයිපර්තර්මියාව‘ යනුවෙන්ද හැඳින්වෙන මේ තත්ත්වය ඉතා දරුණුම අනතුරකි.

තාප ආඝාතය ඇතිවූ විට මොළයට සහ අනෙකුත් ශරීර අවයව සඳහා හානි කළ හැකිය. එය මරණයට පවා හේතු වේ.

මෝටර් රථයේ ඇතුළත උෂ්ණත්වය

මෝටර් රථයක් තුළ උෂ්ණත්වය විනාඩි 10කින් අංශක 20කින් සහ පැයක් තුළ අංශක 40කින් වැඩි විය හැකිය. රථය තුළ අනතුරුදායක බව වැඩිවීමට පිටත උණුසුම් බව දැනිය යුතු නැත.පිටතින් එය 70 F ට වඩා ඉහළින් ඇති විට පුද්ගල මරණ පවා සිදු වී ඇත.

රථයේ වා කවුළු විවෘත කළද

රථයේ ජනේල විවෘතව තැබූ පමණින් උෂ්ණත්වය අනතුරුදායක මට්ටමකට පැමිණීම වැලැක්විය නොහැකිය. දරුවකුගේ ශරීරයේ උෂ්ණත්වය වැඩිහිටියකුගේ ශරීරයට වඩා තුන් ගුණයකින් හෝ පස් ගුණයකින් ඉහළ යා හැකිය.

දරුවකුගේ ශරීරය ස්වාභාවික ලෙස හොඳින් සිසිල් කිරීමේ හැකියාව වර්ධනය වී නොමැති හෙයින් මෝටර් රථයක් තුළ තනිව හිඳීමේදී උෂ්ණාධික තත්ත්වයෙන් මියගිය බොහෝ දරුවන් වයස අවුරුදු 3 සහ ඊට අඩු වයස් කාණ්ඩවල පසු වන්නෝ වෙති.

වෙනත් අවදානම් සාධක

දරුවා මෝටර් රථය තුළ තනිවම දමා යාමේ අනෙකුත් අවදානම් තත්ත්ව වනුයේ මෝටර් රථය තුළ සිරවීම, රථය පැදවීමට දරුවා උත්සාහ කිරීම හෝ චලනය කිරීමට උත්සාහ දැරීමෙන් තවත් අනතුරු නිර්මාණය වීම, මෝටර් රථයෙන් දරුවා ඉවතට ගැනීම අපහසු වීම යනාදියයි.

අනතුරුවලින් දරුවා මුදවීමට කල හැකි දෑ

හොඳම ආරක්ෂිත පියවර වනුයේ දරුවා රථයේ තනියම තබා යාම වෙනුවට තම ගමන් බිමන් සඳහා ඔහුවත් කැටුව යාමයි. එසේම කවුරුත් නොමැති අවස්ථාවලදී දරුවාට මෝටර් රථය තුළ සෙල්ලම් කිරීමට ඉඩ නොදීම, සියලුම දෙනා රථයෙන් පිටව ගිය පසු හොඳින් රථයේ දොරවල් අගුළු ලා තැබීම, රථයේ යතුරු ළමයාගේ අතට පත් වීමට ඉඩ නොතබා ඉතා සුරක්ෂිතව තමා ළඟ තබා ගැනීම ආදියයි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මොකක්ද මේ ‘තාප ආඝාතය‘ කියන්නේ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 161 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 232 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site