IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ශානිගේ ඇප ඉල්ලූ පෙත්සම් විභාගයෙන් විනිසුරු මේනකා ඉවත්වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රිමාන්ඩ් බාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන  මහත්වරුන් ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව  අභියාචනාධිකරණ විනිසුරු මේනකා ⁣විජේසුන්දර මහත්මිය  අද ( 23) විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නාය. 

මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා  බැලීම සඳහා  අද මේනකා විජේසුන්දර මෙනවිය සහ නීල් ඉද්දවෙල යන මහතා ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදී එම විනිසුරුවරිය මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දෙන ලදී.

ඒ අනුව නැවතත් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සදහා නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ මහත්වරුන් ගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ලක් නම් කරන ලදී.

ඒ අනුව ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් මාර්තු 01 වැනිදා එම නව විනිසුරු මඩුල්ල හමුවේ කැදවීමට ද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා නියම කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්  ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම සැකකරුවන් විසින් ගම්පහ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ ගම්පහ මහාධිකරණය ඉකුත් දෙසැම්බර් 08 වැනිදා එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ගම්පහ මහාධිකරණයේ තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනාම අභියාචනාධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 



අදහස් (7)

ශානිගේ ඇප ඉල්ලූ පෙත්සම් විභාගයෙන් විනිසුරු මේනකා ඉවත්වෙයි

Puppa Tuesday, 23 February 2021 10:09 AM

මේ අවංක මිනිසා නිදහස් කරපල්ලා... කොමිසමේදී දැක්කා නේද මේ මිනිසාට ඇති දේපළ...

:       42       57

Nuwan Tuesday, 23 February 2021 10:26 AM

දේශපාලන පළිගැනීම් කියලා තමන්ගේ පුත්තු, නෑදෑයින්, හිතවතුන්ට තියෙන සාධාරණ නඩු විසිකරන්න එකඑක කමිටු ගේනවා.. නමුත් ඇත්තටම ඇස් පනාපිට පලිගැනීමට ලක්වෙන අය ලෝකෙම දන්නවා.

:       26       56

Demuni Uduwara Tuesday, 23 February 2021 02:23 PM

ශානි රජයට වැඩකළත් දේශපාලකයින්ට වැඩ කළේ නැහැ.. ඒ නිසා ඔහු ඒයින් නිදහස්..

:       59       44

Perera Tuesday, 23 February 2021 05:43 PM

ස්වාධීන තීන්දු දීමේ හැකියාවක් නැතුවා වත්ද?

:       0       0

Senarath Wednesday, 24 February 2021 03:20 AM

වැරැදිකරුවන් 100ක් නිවැරැදි කරුවන් කීමට වඩා බරපතල වරදක් එක නිවැරැදිකරුවෙක් හිතාමතාම වැරැදිකරුවෙකු කිරීම. බොරු සාක්කි හදපු නිසා අද කීයක් නිකරුණේ හිරේ ඉන්නවද?

:       1       1

sharm warn Wednesday, 24 February 2021 06:57 AM

නීතිපතිට කැමැති නඩු වැරැදි, නිවැරැදි නොබලා අහක දමනවා.. හරියට ගොනුකරන්නෙත් නැහැ. ශානි මහත්තයාටත් තිබුණේ ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න. කොහොම වුණත් ලස්සනට ගරුකටයුතු මන්ත්‍රී වෙලා ඉන්න තිබුණනේ ඉතින්.

:       0       3

athula Wednesday, 24 February 2021 08:26 AM

CID එකේ සිටි කීර්තිමත්ම, දක්ෂතම නිලධාරියා. මෙතුමා කිසිම අල්ලසකට යටනොවුණු හොඳ පිටකොන්දක් තිබෙන වටිනා මහත්මයෙක්... අපි පුදුම වෙන්නේ මෙතුමා හිරේ නොසිටියා නම් ගෝඨාභයගේ පාලනය තුළ පිට කොන්දක් සහිත කිසිම නිලධාරියෙකුටද රාජකාරිය කළ නොහැකියි. රජවෙන්න ඕන අය සිරගෙවල්වල... සිරගෙවල්වල ඉන්න ඕනෑ අය හිර ගෙවල්වල... ජඩකම් නොකර මෙතුමාව නිදහස් කරපල්ලා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30989 34


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13126 9

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 870 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 908 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site