(ඉන්දිකා රාමනායක)

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව හිමිවන බව   බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම සමාවන්  කොන්දේසි අනුව හිමිවන බවද ඒ මහතා කීය.
පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාර ගතව වසරක් හෝ ඉන් අඩක කාලයක්   ගෙවමින් සිටින  සිරකරුවන්ට දින 14ක සමාවක් හිමි වනු හිමිවේ.

දඩ මුදල් නොගෙවීම මත 2023 අනිද්දා (3) වන දින වනවිට සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි වේ.

දඩ දඬුවම් ද ඇතුළත්ව වසර 40 ක් හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඉන් වසර 20ක් ගෙවා ඇති  සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි  වේ.