(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම ව්‍යවස්ථාවට පටහැනි යැයි  කීම  ශ්‍රී ලාංකික ජනතාව නොමග යැවීමට කරන ප්‍රකාශයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජනතාව නොමඟ යැවීමේ ප්‍රකාශ නිකුත් කරන අය වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වැනි වගන්තියෙන් අගමැතිවරයා පත්කිරීම පිළිබඳව පැහැදිලිව සඳහන් කොට ඇති කොටස කියවන ලෙස ද අබේවර්ධන මහතා කීය.

රට ඛේදනීය තත්ත්වයකට පත්ව ඇති මේ මොහොතේ තවදුරටත් ජනතාව නොමඟ යවමින් ප්‍රකාශ නිකුත් නොකර සියලු පාර්ශවයන් එක්ව රට ගොඩනැගීම සඳහා නව අගමැතිට සහයෝගය දැක්විය යුතු බව එජාප සභාපතිවරයා අවධාරණය කළේය.