(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැළණි ගඟේ නවගමුව නාන තොටුපලේදී දියේ ගිලුනු තරුණයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අතුරුදන් වී ඇති අතර අනෙක් තරුණයා ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා බේරා ගෙන රෝහල් ගත කර ඇතැයි නවගමුව පොලිසිය කියයි.
සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ උඩුගම්පොළ කෙසෙල්බද්දර පදිංචි සමිත් අනුරාධ නැමැති 32 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
මහියංගනයේ පදිංචි කසුන් තරංඟ නැමැති 29 හැවිරිදි තරුණයා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතාකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබේ.
බියගම සියඹලාපේ නේවාසිකාගාරයක වෙසෙන තරුණයන් පස් දෙනෙකු අද (03) සවස දිය නෑම සඳහා නවගමුව නාන තොටුපල කරා පැමිණ සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.
දියේ ගිලි අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා පොලිසිය,ප්‍රදේශවාසීන් හා නාවික හමුදා කිමිදුම්කරුවන් මෙහෙයුමක් දියත් කළද අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවගමුව නාන තොටුපලේ දිය නෑමට ගිය අයෙකු අතුරුදන්