(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් අද(12) රාත්‍රියේ සහ හෙට(13) උදෑසන ධාවනයට යොදවා තිබේ.
කොටුව දුම්රිය ස්ථානයෙන් අද(12) රාත්‍රී 7.35ට සහ හෙට(13) උදෑසන 7.10ට දුම්රිය පිටත්වීමට නියමිතය.
බදුල්ලේ සිට අද(12) රාත්‍රී 8.00ටද විශේෂ දුම්රියක් කොළඹ කොටුව බලා පිටත්වේ.
මෙයට අමතරව ලබන 15 වැනි දා බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.30ට පිටත්වන විශේෂ දුම්රිය සවස 7.30ට කොටුව දුම්රිය ස්ථානයට ළඟා වේ.
දීර්ඝ සතිඅන්ත නිවාඩුව වෙනුවෙන් මගීන්ගේ ගමන් පහසුව සඳහා මෙම විශේෂ දුම්රිය යොදවා ඇතැයි ද නියෝජ්‍ය වාණිජ අධිකාරී ඩබ්ලිව්. ඩී. රංජිත් පත්මලාල් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd