IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රාජ්‍ය බැංකු ගැන ජනපති කොමිසමක් පත්කරන්නැයි යෝජනාවක්

(විනීතා එම් ගමගේ)

 

වත්මන් රජයේ පාලනය පැවැති ඉකුත් වසර පහේ කාලය තුළ මෙරට බැංකු හා මූල්‍ය ආයතනවල ඇති වී තිබෙන මූල්‍ය අර්බුද ගැන සොයා බැලීම සඳහා තේරිම් කාරක සභාවක් හෝ ජනාධිපති කොමිසමක් ඉදිරි රජයක දී පත්කරන ලෙස යෝජනා කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

එම යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ඉදිරිපත් කළ බව ද හෙතෙම සඳහන් කළේය.

දේශපාලකයන් හා ආධාරකරුවන්ගේ ප‍්‍රකාශ ගැන පවතින අවධානය අතරතුර ආර්ථීකය බරපතල කඩවැටීමකට ලක්ව පවතින බව කී ගුණවර්ධන මහතා මහ බැංකු වාර්තාව අනුව මේ වසරේ දෙවන කාර්තුව වනවිට ආර්ථික වර්ධන වේගය 6.2% දක්වා පහළට වැටී ඇතැයි ද කීය.

මේ වසරේ ආර්ථික වර්ධනයේ සාමාන්‍යය 2.7% ක් වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇතැයි ද යුද්ධය නිමාවී රටම කඩිගුලක් සේ ඇවිස්සී වැඩ බිමක් වූ දා මේ රටේ ආරථ්ක වර්ධන යේ වේගය 7% ක් වූ බව අභියෝගාත්මකව කියා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

2009 සිට 2014 දක්වා ආර්ථික වර්ධනයේ සාමාන්‍ය වේගය සියයට 7ක් වූ අතර 2015 සිට 2019 දක්වා වූ වසර පහේ දී ආර්ථික වර්ධන වේගය 3.7 % ක් වූ බව ද මන්ත‍්‍රීවරයා කීය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පැවැති වියත් මග සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රට සංවර්ධනය වී ඇති බවත් කාන්තාවන් සැලෝන්වලට යන බවත් කියා ඇතැයි කී ගුණවර්ධන මහතා ආචාර්යතුමන්ට වැරදීමක් සිදුව ඇති බවත් ආර්යාවන් මිස භාර්යාවන්ට ඒවාට යන්නට වත්කම  නැති බවත් කියා සිටියේය.

සැලොන්වලට යාම තබා මේ වනවිට භාර්යාවන් ණය ගෙවා ගැනීමට නොහැකි නිසා සියදිවි නසා ගැනීමට පෙළඹී සිටින්නේ යැයි ද මංගල ඇමැතිවරයා කෙසේ වෙතත් තම උගත් මිත‍්‍රයකු වන හර්ෂ ද සිල්වා මහතාට මේ බව වැටහී නොයාම කණගාටුවට කරුණක් යැයි ද සඳලූ තලෙන් බිමට බැස ඒ ගැන අවධානය යොමු කරවන්නැයි ද ඔහු පවසා සිටියේය.

ඇල්පිටියේ පළාත් පාලන මැතිවරණය ගැන අදහස් දැක්වූ ගුණවර්ධන මහතා සාපේක්ෂව වැදගත් දේශපාලඥයකු ලෙස තමන් සළකන ගයන්ත කරුණාතිලක මහතාටත් එම මැතිවරණය දිනාගන්නට බැරිව ගියේ ඇයි දැයි ඔහු කළ්පනා කළ යුතු බව ද 38% ක ප‍්‍රතිශතයක් ගත් එජාපය 28% කට බැස ඇති බව ද සඳහන් කළේය.

දූෂිතයන් තමන් ළඟ නැතැයි කියන සජිත් මහතා වටේ ඉන්නේ කවුදැයි වටපිට බලන්නැයි ද මහ පොළවේ සිදුවිය හැකි බරපතලම සොරකම කළ අය බාල ඖෂධ ගෙන්වූ අය මෙන්ම රණවිරුවන් පාවාදුන් අය ද තමන් වටා ඇතැයි සජිත් මහතා වටහා ගත යුතු යැයි ද කීය.



අදහස් (0)

රාජ්‍ය බැංකු ගැන ජනපති කොමිසමක් පත්කරන්නැයි යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site