(මනෝප‍්‍රිය ගුණසේකර)
නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබූ දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම නඩුව වශයෙන් කුලියාපිටිය මූලික රෝහලේ හිටපු විශේඥ වෛද්‍යවරයකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදී.
කුලියාපිටිය මූලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්‍ය රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000 ක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වෙල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙලෙස නඩු පවරන ලදී.
2016 ජුනි මස පළමුවැනිදාත් අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලයේ කුලියාපිටිය මුලික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී එම රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ‘සත්සුව රසායනාගාර’යට ලබාදීම සඳහා එම රසායනාගාරයේ හිමිකරු වන අතුල රත්නසිරි මහතාගෙන් මාස්පතා රුපියල් 25,000 බැගින් අල්ලස් ඉල්ලා නිරෝෂන් නිකුලස් නමැත්තා මඟින් ඉන් රුපියල් 75,000ක අල්ලසක් ලබා ගත් බවට විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා ඇත.
විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහි නඩුවේදී නඩු භාන්ඩ හා ලේඛන 28ක් ඉදිරිපත් කරන බවද පැමිණිල්ල වෙනුවෙන් සාක්කිදීම සඳහා කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සහ වෛද්‍යවරුන් ඇතුළු සාක්කිකරුවන් 25 දෙනෙකු කැඳවීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
මෙම ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කොළඹ වාණිජ මහාධිකරණයේ කටයුතු කරන ආර්. ගුරුසිංහ, කොළඹ මහාධිකරණයේ කටයුතු කරන ශෂි මහෙන්ද්‍රන් සහ මීගමුව මහාධිකරණයේ කටයුතු කරන අමල් රණරාජා යන මහතවරුන් කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල අධිකරණයේ පළමු නඩුව අල්ලස් කොමිසමෙන්
sirimal Thursday, 28 March 2019 02:01 PM
දැන් අර ඡන්දෙදි පොරොන්දු වුන මහා පරිමානයේ වංචා දුෂණ කරපු කට්ටියට දඬුවම් දීලා ඉවරද? දාපු නඩු දෙක තුනත් කල් යනවා හැරෙන්න ඒ කාලයේ වේදිකා ගානේ කියා කියා ගිය එක්කෙනෙක්වත් හිරේ යනවා අපිනම් දැක්කේ නැහැ. අවුරුදු හතරක් පොල්ගාලා දැන් ඉතින් සේරම අමතක කරලා දාන්න වගෙයි යන්නේ. තව කී කාලයද ඉතුරු වෙලා තියෙන්නේ?