
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ, පල්ලෙවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු අල්ලා ගස් බැඳ පහර දී කලිසම ගලවා සිරුර තුළට යමක් ඇතුළු කර ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන දොළොස් හැවිරිදි සිසුවකු සැක පිට අත්අඩංගුවට ගත් බව පල්ලේවෙල පොලිසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන තවත් සිසුන් පස් දෙනකු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පාසල් කාලයේ දී මෙම අතවරය සිදුව තිබේ.
බරපතළ ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන සිසුවා රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර මෙම සිසුවාගේ මව බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරියක් යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අවුරුදු 12ක් වයසැති මෙම සිසුවාව විදුහල් භූමියේ ඇති වැසිකිලිය ආසන්නයේ ඇති ගසක බැඳ මෙවැන්නක් කර තිබෙන බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
එම සිසුවා පාසලේදී ගැහැණු ළමයකු ආකාරයට නිහඬව,කලබලයකින් තොරව සිටින නිසා එවැන්නක් කර ඇති බව අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විණි යැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමටඇත්ත.
මෙම බරපතළ සිද්ධිය යටපත් කර ගැනීමට පාසලේ ගුරුවරියක දැඩි උත්සාහයක නිරතව සිටින බව කියති.
මෙම ගුරුවරිය පොලිස් පරීක්ෂකවරියක් වන සිසුවාගේ මවට කිහිපවතාවක් ඇයගේ ජංගම දුරකථනයට කතා කර මෙම සිද්ධිය දුරදිග ගෙන නොයන ලෙසට බලපෑම් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
අපචාරයට අනුබල දීමක් ගුරුවරිය කර ඇතිබව පේනවා දරුවාට අපරාධයක් කිරීම වෙනුවෙන් ප්‍රශ්නය දුරදිග නොයන්න නම් ගුරුවරියට දඩුවමක් දියයුතුය මෙහෙම දේවල් සදහා වසර දෙකකට නොවැඩි සිර දඩුවමක් හා රුපියල් ලක්ෂ ගණනක් දඩයක් දෙන්න පුළුවන් කියලා අහල තියෙනවා මොනවා කලත් මිට්ට තට්ටෙගෙ සාමාජිකාවක් කියලා කියන්න පුළුවන් නැත්නම් මෙහෙම දේවල් කරන්නෙ නැහැ කියලා පැහැදිලියි
මේ හැසිරීම තමා "හරක් කටා", "බුරු මුහුනා" බිහි කලේ. මෙවැනි නරුමයින්ට දැඩි දඬුවම් දිය යුතුයි.
ඔය කියන ගුරුවරියට සම්බන්ධ දරුවෙක් මේක මෙහෙයවන්න ඇති. කටකතාත් වැදගත් වෙන වෙලාවල් තියෙනව... චුට්ටක් කන් යොමුකර හිටියනම් ගේට්ටුව අසල දෙමාපියන් පොදිය ඉන්න වෙලාවට....
ළමයි, නොයෙකුත් හේතු නිසා පුදුම අසහනයෙන් ඉන්නේ .
ළමයින් වුවත් මෙවැනි අපරාධ වලට කිසිම බුරුලක් දෙන්න එපා.
අන්තරේ නායකත්වයට සියලු සුදුසුකම් සපුරා ඇති බව මහත් සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ! අරගලේ ටෙන්ට් ඇතුලෙ කරපුව ලමයි ඉස්කෝලෙදි කරනව.
දුරදිග නොයන්න නම් මෙම ගුරුවරියවත් එසේ ගස් බැඳ දරුවට කළ දේම ඒ ආකාරයටම කරන්න ඕනි කියලයි මම කියන්නේ.
ලජ්ජා නැති ගුරුවරු සහ ලමයින්. ශිෂ්‍යයන්ට සහ ගුරුවරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඔනෙ. මේ ගුරුවරයාත් සම්බන්ද ඇති මේ අසික්ශිත ක්‍රියාවන් වලට.
පොලිස් පරීක්ෂකගේ දරුවට එහෙම නම් අනිත් අයගේ දරුවන් ගැන කුමන කතාද?
මෙච්චර දෙයක් කරනකන් මේ පාසලේ ගුරුවරු මොකද කරේ දරුවෙකුට ආරක්‍ෂිත පරිසරයක් පාසලේ ඇති කිරීම ගුරුවරුන්ගේ වගකීමක්
ගුරුවරියටත් ඒ වගේම දඬුවමක් දුන්නනම් තේරෙයි ඒ දරුවට කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද කියලා. ආගම ධර්මය පිරිහිලා දරුවන්ගේ මන විකෘත්ති වෙලා. කණගාටුයි.
ගුරු සේවයට නුසුදුසු ඒ එළදෙනගෙ වැඩ වහාම තහනම් කරන්න. ගුරුවරියක් කියා මෙවැනි අයට කියන්න එපා.
ගුරුවරියො පිරිමි ලමයිට කරන දේවල් පහුගිය කලෙ පත්තර වල අපි දැක්ක ඔයිට වඩා හොර රහසෙ එලිනොවෙන දේවල් කොපමන ඇතිද.
බලපෑම් කල ගුරුවරියට විරුද්ධව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතින් පැමිණිල්ලක් ගොනු කරන්න ඇප ගන්න බෑ .එතකොට ඔය බලපෑම් ඉවරයි