
(නිමන්ති රණසිංහ)
මුහුණු පොතෙන් හදුනාගත් මාතර ප්‍රදේශයේ කාන්තාවකට මුදල් වංචා කළ විදේශීය ජාතිකයෙක් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් නුගේගොඩ දී අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ විදේශීය රටක ඩොලර් පාර්සලයක් ලැබී තිබෙන බවට පවසා පැමිණිලිකාරිය ගෙන් රුපියල් එක් ලක්ෂ විසිනම දාහසක මුදලක් වංචනීකව ලබාගෙන ඇත්තේ ලෙසතෝ ජාතික විසි තුන් හැවිරිදි තරුණයකු බවය.
මෙම සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු ලෙසින් මුහුණු පොත ඔස්සේ පෙනී සිට ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
නොදන්නා පුද්ගලයන් සමඟ සමාජ ජාල මගින් ගණුදෙනු කිරීමේදී විවිධ ආකර්ෂණීය යෝජනා ලැබිය හැකි බවත් ඒ පිළිබඳව බුද්ධිමත්ව කටයුතු නොකළහොත් රැවටීම්වලට හසුවිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුහුණු පොතින් ඇවිත් පසුම්බියට විදලා