IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


මධ්‍යම කඳුකරයට තද වැසි - විමල සුරේන්ද්‍ර සහ ලක්ෂපාන වාන් දොරටු විවෘත කරයි

(රංජිත් රාජපක්ෂ   )

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට රාත්‍රියේ සිට (16) දින අලුයම තෙක් කඩින් කඩ මිලිමිටර් 140 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.
 
ඇද හැලුණු අධික වර්ෂාවත් සම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහල යමින් පවතින අතර , නොටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (16) දින අලුයම සිට වාන් දැමිමට පටන්ගෙන ඇති අතර , ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 6 බැගින් විවෘතකර ඇත.
 
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි තේ වත්ත ප්‍රදේශයෙන් කොටසක් නාය ගොස් ඇත.
 
ප්‍රධාන මාර්ගයට ඉහලින් තේ වත්තේ සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයක් තේ ගස් සමග නායගොස් ප්‍රධාන මාර්ගයේ තේ පදුරු සහ පස් රැදි ඇත.
මේ අතර හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට යාබදව පිහිටි පලයකාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
 
අධික වර්ෂාවත් සමග හමා යන දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම විදුලි බලයද වරින් වර ඇණ හිට තිබුණි.

 

 



අදහස් (3)

මධ්‍යම කඳුකරයට තද වැසි - විමල සුරේන්ද්‍ර සහ ලක්ෂපාන වාන් දොරටු විවෘත කරයි

Samitha Senaka Aluthgamage. Saturday, 16 May 2020 02:17 PM

කාලයකට උතුරා යන්න දෙන ජලය සහිත ජලාශ සහ පොලොව වේලේන්නම ඊළඟ කාලයේදී පායනවා. ඒ සොබාදහමේ හැටි. ඒත්, උතුරන්න දෙන ජලයෙන් යම් ප්‍රමාණයක් හෝ මතු ප්‍රයෝජනය සඳහා රඳවා ගන්න වැඩ පිළිවෙලක් අපට නැහැ. කොයි පැත්තෙත් සිටින දේශපාලකයන්ගේ වත්කම් බැරකම් සොයලා රටෙන් හොරාකාපු මුදල් ටික ගැනීමේ ක්‍රමයක් හැදුවොත්, පෙර කී වැඩේට මුදල් ලබාගන්න පුළුවන්. ඒත්, කව්ද එහෙම කරන්නේ? කව්රුත් තමන්ගේ හොරමැරකම් ගැන කතා කරනනෙම නැහැ. හොයන්නේ අනුන්ගේ හොරකම් ගැන පමණයි. ඉතින් කොහොමද රටක් හදන්නේ. නේද..?

:       0       46

Pradeep Saturday, 16 May 2020 04:05 PM

රට පුරාම තිබුණු නියඟය නිමා කරමින් බොහෝ පෙදෙස් වලට ධාරානිපාත වැසි වසිනවා. කොරෝනා රජයමින් තිබෙන මේ මොහොතේ ඔබේ අවධානය සහ සැලකිල්ල යොමු නොවුනොත් තවත් මාරයෙක් අවදි වනු ඇති. ඒ තමයි ඩෙංගු මාරයා. බොහෝ දෙනෙක් තවමත් හරියට වැඩ රාජකාරි වලට වාර්තා කරලා නෑ මේ වෙනකොටත්. ඉතින් ගෙදරට වෙලා ඉන්න ගමන් තම තමන්ගේ වටපිටාව පිරිසුදු කර ඩෙංගු මාරයාට නැවත හිස ඔසවන්න ඉඩක් නොතබමු.

:       0       15

Kumar Sunday, 17 May 2020 02:12 AM

නෝටන් සහ ලක්ෂපාන ඉතා කුඩා ජලාශ. ලක්ෂපාන බැම්මේ ගේට්ටු විවෘතකලේ නැතිනම් බැම්මටත් උඩින් වතුර යන්න පුළුවනි. වසර 30කට කලින් ගේට්ටු විවෘත කරන යන්ත්‍ර ක්‍රියාවිරහිත විම නිසා ගඟ, බැම්ම මගහැර පිටතින් ගලාගිය. එය පිළිසකර කරන්න ලොකු මුදලක් වැයකලා. මේ නිසා පහත තිබෙන පොල්පිටිය විදුලිබලාගාරය වසා දමන්න සිදුවුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1119 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site