IMG-LOGO

2023 නොවැම්බර් මස 29 වන බදාදා


ගෝඨාභය පුරවැසි බව අත්හළ බවට වන ලේඛන මාධ්‍යයට

(මුදිතා දයානන්ද)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසි බව අත්හැර ඇති බවට වන ලේඛනය පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (30) මාධ්‍ය වෙත නිකුත් කළේය.

ගෝඨාභය මහතා ඇමෙරිකානු පුරවැසියෙකුව සිටියදී ලංකාවේ ද්විත්ව පුරවැසි බව ලබාදීමේ සහතිකයද එහිදි ඉදිරිපත් කරනු ලැබිණ.

ඔහු මෙම ලේඛන ඉදිරිපත් කරනු ලැබුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී වන අතර ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ අනුදැනුම උපදෙස් මත රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ දෙන්නෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙක් නොවන බවට නඩුවක් පවරා ඇති බැවින් එයට පදනමක් නැති බව පෙන්වීමට ගෝඨාභය මහතාගේ ඉල්ලීම පරිදි මෙම ලේඛන මාධ්‍ය වෙත නිකුත් කරන බවද ගම්මන්පිල මහතා පැවසීය.

2003දි ඔහු ඇමෙරිකාවේ පුරවැසි බව ලබාගන්නා විට මෙරට පුරවැසි බව අත්හැරීමට සිදුවූ බවද 2005 නොවැම්බර් 21 වෙනිදා නැවත ද්විත්ව පුරවැසියෙකු ලෙස මෙරට පුරවැසි බව ලබාගත් බවද ඔහු පැවසීය.

ඒ වන විට නව ආණ්ඩුවේ ඇමතිවරු දිව්රුම් දි නොතිබූ නිසා සියලූ අමාත්‍යංශවලට වගකියනු ලැබුවේ ජනාධිපති වන බවද ඒ අනුව එම අමාත්‍යංශවල ලේකම් බවට පත්වන්නේ ජනාධිපති ලේකම් බවද මෙම ලේඛනයට අතිරේක ලේකම් අත්සන් කරනු ලැබුවේ ලේකම් වෙනුවෙන් බවද ඒ අනුව මෙම ලේඛනය නීත්‍යානුකූල ලේඛනයක් බවද ඔහු පැවසීය.

මේ ලේඛනයට අනුව ගෝඨාභය මහතා 2005 නොවැම්බර් 21 වෙනිදා සිට මෙරට පුරවැසියෙකු වන අතර 2019 මැයි 03 වෙනිදා ඇමෙරිකානු රජයෙන් ඔහුගේ එරට පුරවැසිබව අහිමිවීමේ සහතිකය නිකුත් කර ඇති බවට මෙම ලේඛන සාක්ෂි දරන බවද ගම්මන්පිල මහතා තවදුරටත් පැවසීය.

මෙලෙස ගෝඨාභය මහතාගේ පුරවැසිකම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරමින් අධිකරණයේ නඩු පවරමින් ජනතාගේ විශ්වාසය බිඳ වැට්ටවීමට ප‍්‍රතිවාදි කණ්ඩායම් උත්සාහ කළත් ඒවා පුස්සක් වන බවද ඔහු පැවසීය.



අදහස් (29)

ගෝඨාභය පුරවැසි බව අත්හළ බවට වන ලේඛන මාධ්‍යයට

sachith Monday, 30 September 2019 12:37 PM

පොහොට්ටුවේ වෙන කවුරුවත් හිටියේ නැද්ද මේවා මාධ්‍යයට ඉදිරිපත් කරන්න.. මොකද මෙතුමාත් එක්ක ලේඛනවල තියෙන්නේ ආත්මීය බැඳීමක්නේ...

:       244       2047

බන් ගොයියා Monday, 30 September 2019 03:13 PM

"2019 මැයි 03 වෙනිදා ඇමෙරිකානු රජයෙන් ඔහුගේ එරට පුරවැසිබව අහිමිවීමේ සහතිකය නිකුත් කර ඇති බවට" ඇයි ඉතින් මේ සහතිකය ඉදිරිපත් කරන්නේ නැත්තේ? අපේ බයියන්ට ඉංග්‍රීසි කියන්න බැරි නිසාද?

:       686       1209

sena Monday, 30 September 2019 12:38 PM

පුරවැසිකම අතහැරියත් ඇමරිකාවට තියෙන බැඳීම සමහර කරුණුවලදී ඇමරිකානු නීතියට යටත් නේද? ඒ කියන්නේ ඇමරිකාවට යටත්ව, හිතවත්ව ජීවත්විය යුතුයි නේද?

:       409       907

SamMonday, 30 September 2019 01:36 PM

"පුරවැසිකම අතහැරියත් ඇමරිකාවට තියෙන බැඳීම සමහර කරුණුවලදී ඇමරිකානු නීතියට යටත් නේද? ඒ කියන්නේ ඇමරිකාවට යටත්ව, හිතවත්ව ජීවත්විය යුතුයි නේද?" - නැහැ, ද්විත්ව පුරවැසියන්ට වුනත් ලංකාවේ සිටින විට 100% ලංකාවේ නීතිය අදාළ වෙන්නේ. අමෙරිකාව පුරවැසි භාවය අතඇරපු පසු එ්ක කොහෙත්ම අදාලත් නැහැ. ලංකාවේ විතරයි පුරවැසි භාවය තියෙන්නේ...!

:       421       706

samTuesday, 01 October 2019 01:24 AM

එහෙම කියනවානම් ඇමරිකාවේ ග්‍රීන් කාඩ් තියෙන සරත් ෆොන්සේකා මහතාත් ඇමරිකාවට බැඳීම් තියෙන කෙනෙක්වෙන්න ඕන නේද? ඔහු ඡන්ද ඉල්ලන්නෙත් ග්‍රීන් කාඩ් තියාගෙන. හමුදාපතිකම කලෙත් ග්‍රීන්කාඩ් තියාගෙන. යුද්ධේ අන්තිමේ ඇමරිකාවේ ගියෙත් ග්‍රීන්කාඩ් අලුත් කරගන්න කිව්වා. ඒ කියන්නේ ඕනෑකම තිබුනේ ඇමරිකන් පුරවැසිකම ගන්නමනේ. තාමත් ග්‍රීන්කාඩ් තියෙනවද නැත්නම් පුරවැසිකම අරන්ද දන්නෙත් නැහැ. එහෙත් කවුරුවත් කියන්නේ නැහැනේ ඔහු ඇමරිකානුවෙක් කියලාවත් ඇමරිකාවට යටත්ව හිතවත්ව ජීවත්වෙනවා කියලවත්. අනික මේ අනික් සෑම් කියල තිබෙන්න වගේ පුරවැසිකම අත්හැරියම වෙන බැඳීම් නැහැ.

:       0       0

ජහපාල Tuesday, 01 October 2019 03:42 AM

සේන, නොදන්නා දේවල් නොකිය ඉන්න. නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගන්න. මට ඇමරිකාවේ ලංකාවේ සහ තවත් රටක පුරවැසිභාවය තිබෙනවා. මම ඇමරිකාව තුල වරදක් කර නැත්නම් ලංකාවේ ඉදිද්දී මාව ඇමරිකාවට ඉල්ලන්න බෑ. එවිට ලංකාවේ නීතිය පමණයි ක්‍රියාත්මක වෙන්නේ. පුරවැසි භාවය අත්හැරීමේ සහතිකය ඇමරිකාව විසින් නිකුත් කරන්නේ යමෙකුට ඇමරිකාව තුල නඩු පැවරීමට කරුණු නැත්නම් පමණයි. ඇමරිකාවේ වරදක් කර ඇතිද සොයා බලා පමණයි පුරවැසි භාවය අත්හැරීමේ සහතිකය නිකුත් කරන්නේ. නිකන් මඩ ගැසීමට ලෝකේ නැති නීති කතා කිරීම මෝඩකමක්. ආණ්ඩු ගණනාවක් පිට රට ලණු කකා සාකච්චා වැනි රැවටීම් වලට හසුවෙමින් බෙදුම්වාදී යුධය ඇදෙමින් ඇති විටක ඇමරිකානු ඇත දැමීම වලට තර්ජන වලට නොබියව යුධය අවසන්කළ ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයෙක්. අර්ජුන මහේන්ද්‍ර අමතකද ? ලංකාවේ පුරවැසියෙක් නොවී මහා බැංකුව භාර දුන්නා අමතකද ? ගහ දන්නා අපිට කොළ කඩා පාන්න එපා.

:       0       0

Nishan Monday, 30 September 2019 12:38 PM

උසාවියේ විභාගවෙන නඩුවක කරුණු එළියේ කතාකිරීම අධිකරණයට කරන බලපෑමක් සහ අපහාසයක් නේද?

:       306       530

WasudewaTuesday, 01 October 2019 01:57 AM

මෙච්චර නඩු කන්දක් එක්ක ජනාධිපති ඡන්දයකට ඉදිරිපත් විම මහා විහිළුවක්. මොකද ජනතා ප්‍රසාදය මේ නඩුත් එක්ක බින්දුවට බැහැලා තියෙන්නේ. පොහොට්ටුවට තියෙන්නේ වෙන අපේක්‍ෂකයෙක් දැන්ම දාන්න.

:       0       0

sirimal Monday, 30 September 2019 12:46 PM

මොකද දන්නේ නැහැ... මේ බළල්ලු ලවා කොස් ඇට බාවන්නේ...

:       254       706

Bandu Monday, 30 September 2019 12:55 PM

මේකට තමයි කියන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා. හොර, බොරු වැඩමයි වෙන්නේ.

:       7       706

ratne Monday, 30 September 2019 01:00 PM

වැළැක්විය නොහැකි වර්තමාන ආණ්ඩුවේ පරාජය ඉවසා දරා ගැනීමට නොහැව සිටින කණ්ඩායම ඩොලර් කාක්කන් යොදාගෙන කරනු ලබන ක්‍රියා තවදුරටත් බලා පොරොත්තු වෙන්න පුළුවන් 11/16 දක්වාම...

:       2105       1905

Chathuri Monday, 30 September 2019 01:10 PM

ඕක පෙන්නුවයි කියලත් වැඩක් නැහැනේ. තිබුණත් එකයි, නැතත් එකයි... ගෝඨා පරදිනවා. අනිත් එක නීතියක්. නැති රටක මේවා විහිළු කතා. විමල් අඹුවත් සමග එකතුවෙලා පාස්පෝට් දෙක ගානේ හැදුවා මොකද වුනේ? හැම නාඩගමක්ම නටන්න පුළුවන් මෝඩ රැළට විතරයි.. අසරණයෙක් පිටරට රැකියාවට යන්න මේවගේ දෙයක් කෙරුවා නම් කුඩු කරනවා... එක්කෙනෙක්වත් නැත්ද? නීතිය අකුරට ඉටුකරන සේරම කඩේ යනවද මුදලට...?

:       1046       1249

ranil Monday, 30 September 2019 01:18 PM

ගම්මන්පිල කිව්වා නම් ඉතින් ඇත්ත තමයි. දැන් මාස කීපයකට පෙරත් මෙයා මේ කතාවම කිව්වා නේද? ණයට කහින අය මම නම් දැකලා නැහැ.

:       414       601

C.K.Lankaputhra. Monday, 30 September 2019 01:26 PM

ඉතින් එහෙම නං මොකටද මේ හෙන්චයියෙක් ලවා ඉදිරිපත් කරන්නේ? ඒ මහත්තයාටම ඉඩ තියනවනේ ඕක උසාවියටම ඉදිරිපත් කරන්න..

:       5       311

අතුල Monday, 30 September 2019 01:36 PM

හෙට, අනිද්දාට උඩු රැවුල තියෙන පිරිමින්ට තරඟ කරන්න බැහැ කියලා... මේ මජර පාලනය කිව්වත් පුදුම වෙන්න එපා...

:       705       554

ගල්කටස් Monday, 30 September 2019 02:06 PM

මොකද දන්නේ නැහැ ශ්‍රීලාංකික යූ.එන්.පී. පුරවැසියන් අැමරිකන් ගොඨාභයට බය. ජනතාව තීරණය කරයි කාටද ඡන්දය දෙන්න ඕනෑ කියලා.. මට නම් හිතෙන්නේ සමහර යූ.එන්.පි. අයට ගෝඨාභය ජයග්‍රහණය කරවන්න ඕනැ වෙලා වගේ... නැත්නම් මෙවන් අවස්ථාවල අනිත් අපේක්ෂකයාට වාසි වන අන්දමට කටයුතු කරන්නේ අැයි? ඔහුව සිරගත කරන්න උත්සාහ කලළොත් එහි අවාසිය සජිත්ට යන වග දැන දැන මෙවන් මැටිමොල් වැඩ කරන්නේ කුමන්ත්‍රණයක් නිසාද...?

:       530       388

athuraTuesday, 01 October 2019 04:24 AM

ඉතින් ඕකට අඩන්න ඕන නැහැනෙ ගල්කටස් අයියෙ. අර නාගට වගේ ගෝටටත් පුලුවන්නෙ ඕක පෙන්නන්න. අනිත් එක ගෝට කියන්නෙ සිංහයෙක්නේ.

:       0       0

Shaf Monday, 30 September 2019 02:22 PM

කෝ මේ අපේ බමුණා?

:       1       31

Thilina Monday, 30 September 2019 02:42 PM

මිනිසුනේ හදවතින් අහලා බලන්න මේ කරන දේවල් යුක්ති ධර්මයට එකඟද කියලා. මොහු වෙනුවෙන් මේ තරම් නඩු පිට නඩු දාලා බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිවාදියා අයින් කරලා නිතරගයෙන් ජනාධිපති වෙන්නද? පෙරේදා රාජිත මේ නඩුව ගැනත් තීන්දුව ගැනත් ප්‍රසිද්ධියේ කිව්වා. හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් වගේම වර්තමාන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් එළි කලා නේද නීතිය නවන මොවුන්ගේ නිරුවත..? ඉඩදෙන්න මහජනතාවට තමන්ගේ තීන්දුව ලබාදෙන්න.. භය නැත්තං කෙළින් මුහුණ දෙන්න.

:       1378       1260

mangala Monday, 30 September 2019 02:45 PM

මහින්ද වෛරය ඉවරයි, දැන් ගෝඨා වෛරය දැන් පෙන්වනවා සිහලුනි. මේ ආණ්ඩුව පුදුම නාට්‍ය ටිකක් අපට පෙන්නුවේ...

:       1021       853

රජින්ද Monday, 30 September 2019 03:55 PM

දැන් සමහරුන්ට ගොඩක් රිදෙයි.. ඒ අය අඬයි.. මේවගේ පුවත් දරාගන්න ඒ අයට හුගක් අපහසුයි වගේ.

:       998       745

චිත්‍රානන්දMonday, 30 September 2019 11:43 PM

අපෝ නැහැ.මොකද අපි මැරිලා ඉපදුනේ නැහැ.

:       0       0

සත්‍යපාල Monday, 30 September 2019 05:44 PM

බල තන්හාවට ඕනෙම ගේමක් ගහන,යට්කූටටු වෙඩ කරන දුශිත දේසපාලුවන්ට මොනවා කරන්ඩ බෙරිද.

:       0       0

Ajith Nissanka Monday, 30 September 2019 06:41 PM

අනිකුත් ලේඛන මෙතනට අවශ්‍ය නැහැ ! ඇමෙරිකානු රජය නිල වශයෙන් එතුමාගේ එරට පුරවැසිබව ඉවත් කල බවට නිකත් කල නිල සහතිකය පමණක් ඉදිරිපත් කරන්න ! එවිට එතුමා ජන්ධ්පති ශ්‍රී ලංකාවේ ජනාධිපතවරණයට ඉදරිපත් වීමට ඇති මුලික සුදුසු කම ලැබී ඇති හෙයින් ජනතාවට ඔහු පත් කර ගැනීමට කිසිම බාධාවක් නොමැත !

:       0       0

සමුද්‍රි Monday, 30 September 2019 06:47 PM

" ඇමෙරිකානු රජයෙන් ඔහුගේ එරට පුරවැසිබව අහිමිවීමේ සහතිකය නිකුත් කර ඇති බවට මෙම ලේඛන සාක්ෂි දරන බවද ගම්මන්පිල මහතා තවදුරටත් පැවසීය...." ඔය ලේකන අවශ්‍ය නැහැ.පුරවැසිබව අහිමිවීමේ සහතිකය " පෙන්වන්න. දැක්කද නාගානන්ද එයාගේ එංගලන්තයේ පුරවැසිකම අහිමිවුන සහතිකය ඉදිරිපත් කල ලස්සන. ගෝටාට එහෙම එකක් නැහැ. ගෝටා කියන්නේ ඇමෙරිකානු ඔත්තුකරුවෙක්.

:       0       0

රොශාන් Monday, 30 September 2019 07:52 PM

ඔය පුරවැසිභාවය කීයටවත් අයින් කරන්නේ නෑ. මෙයා මෝඩයෙක් නෙමේ. බැරි වෙලාවත් ඡන්දේ පැරදුනත් ආයේ යන්න බලාගෙන ඉන්නේ.

:       0       0

somapala Tuesday, 01 October 2019 01:25 AM

මාද්යට නිකුත් කල ඇමෙරිකානු පුරවැසි බව අත්හැර ඇති බවට වන ලේඛනය අපි කාටත් දකින්න පත්තරේට දමන්න. එතකොට වෙන වෙන කතා ඇතිවෙන්නේ නැත. ඊයේ නාගනන්ද තම එවැනි සහතිකය එලියට දැම්මා.

:       0       0

Dayan Tuesday, 01 October 2019 04:05 AM

අපිට වැඩක් නැහැ මේ කතා වලින්. උසාවියේ නඩුවක් තියෙනවනම් මේ ලියකියවිලි උසාවියට ඉදිරිපත් කරන්න. උසාවිය විනිශ්චයක් දේවි. අපි ඒක පිළිගනිමු.

:       0       0

ruwan Tuesday, 01 October 2019 04:25 AM

සෑම් නොදන්න දේවල් නොකියා ඉන්න මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතිව

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු මලල ක්‍රීඩකයා කපා කොටා මරල
2023 නොවැම්බර් මස 29 190 0

කැළණිය වාසල දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ දක්ෂ මැරතන් ක්‍රීඩකයකු ඝාතනය කර ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි.


සෞඛ්‍ය ලොක්කෝ පිළිකා එන්නතෙනුත් කෝටි 11 ගහලා
2023 නොවැම්බර් මස 29 203 0

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිර


මෙරට ණය ගැන ණය හිමියන්ගෙන් කොළ එළියක්
2023 නොවැම්බර් මස 29 87 0

මෙරට ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කොන්දේසිවලට නිල ණය හිමි කමිටුව සහ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණි


රත්තරන් මිල අඛණ්ඩව ඉහළට යයි
2023 නොවැම්බර් මස 29 242 0

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල මේ දිනවල නැවතත් ඉහළ යමින් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.



ජනපති ඩුබායි යයි
2023 නොවැම්බර් මස 29 254 0

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) රාත්‍රී ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යයි .


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 759 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 587 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4410 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site