(ඩබ්. ඒ. පියතිලක)
පාසල් සිසුන් සිව්දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව, ලංකාපුර පාසලක විදුහල්පතිවරයකු අද(17) අත්අඩංගුවට ගෙන මනම්පිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මහේස්ත්‍රත් සුරංග අසේළ ද සිල්වා මහතා මාර්තු 3 වන දින රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළ බව පුලස්තිපුර පොලිසිය කියයි.
මෙසේ බන්ධනාගර ගතව ඇත්තේ පොළොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේ පදිංචි චන්දන කරුණාතිලක (47) හැවිරිදි විවාහක තිදරු පියෙකි.
පොළොන්නරුව පුලස්තිපුර පොලිස් වසමේ බාල වයස්කාර පාසල් පිරිමි දරුවන් සිව්දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට විදුහල්පතිවරයා අද(17) අත්අඩංගුවට ගත්තේය.
ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුව පුලස්තිපුර පොලිසියට දැනුම්දීමෙන් පසු විමර්ශන කිරීමෙන් පසු පොලීසිය සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොළොන්නරුව ප්‍ර දේශයභාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත රත්නපාල මහතාගේ මෙහෙයවිමෙන් පුලස්තිපුර පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී. පී. කේ. පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 31075 චම්පික ඇතුළු නිලධාරින් කාණ්ඩායමක් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිසුන් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ්
saradiyel Monday, 17 February 2020 12:43 PM
මේ මොන විදුහල්පතිවරුද? කිසිම සමාවක් නැතිවකෙලින්ම එල්ලන්න ඕන. දැන් ඉස්කෝලෙකට ළමයෙක් යවාගන්නත් බයයිනෙ.
saradiyel Tuesday, 18 February 2020 01:19 AM
අනේ මෙහෙමත් ගුරුවරු. දැන් ළමයි ඉස්කෝලේ යවන්නත් බයයිනේ.