(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා රුසියාවේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්රී ලංකා නියෝජිත පිරිසක් ලබන නව වැනි දා රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.
අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ,රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම සාකච්ඡා වලට සහභාගි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට විශේෂ ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ලබන නව වැනිදා රුසියාව බලා පිටත්ව යන මෙම දෙදෙනා එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ලබන එකොළොස් වැනි දා සිට 15 වැනිදා දක්වා මූලික සාකච්ඡාවට ගණනාවක් පවත්වනු ඇත
ඉන්ධන, පොහොර ගෑස්,ණය සහ මානුෂිය ආධාර ආදිය ලබාගැනීම සම්බන්ධයෙන් මෙම පිරිස එරට නියෝජිතයින් සමඟ සාකච්ඡා කරනු ඇත.
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක්වූ රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා සඳහන් කළේ මෙම සාකච්ඡා සඳහා සියල්ල සූදානම් බව රුසියානු තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව ය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට රුසියාවෙන් ලබාගත හැකි සියලු සහනයන් සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කර,එරට රජයේ ලබා සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ඇතුළු යුරෝපා රටවල් රුසියාව අතරින් තිබෙන මොහොතක මේ ළංවෙන්න හදන්නේ, අනිවාර්යයෙන් ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් ගැටුමකදී, ලංකාවේ සහාය නොලැබුණු විටදී රුසියාව ඉස්සෙල්ලාම ගහන්නේ ලංකාවට, යුක්රේනය අතහැරලා...
දැන්ද යන්නේ...? ඔහොම තමයි ඔක්කොම වැඩ හොඳටම කළේ... ?
ලියුම පුටින් මහත්තයාගේ කන්තෝරු කාමරයේ කුණු කූඩයේ දැනටමත් විවේක ගන්නවා ඇති...!
මේ වගේ බයගුල්ලන් පිරිසක්...!
ජෙප්පන්ට අපි ආවොත් කරනවා කියන්න දෙයක් ඉතුරු කරන්න එපා. කරන්න පුළුවන් හැමදේම ඔබතුමා කරන්න. 3-7-22 ලංකාදීප පත්තරේ 6 වෙනි පිටුවේ "විපක්ෂය රටගොඩ නගන්නේ මෙහෙමයි" කියලා පිටුවක ලිපියක් තිබෙනවා. එහි ටෙල්වින් කියලා හාදයෙක් ලියාලා තිබෙනවා ජෙප්පන් රටගොඩනගන විදිහ... අද රට ගොඩනගන විදිහට වෙනස් කිසිම දෙයක් ඒ පිටුවක ලිපියේ නැහැ. අපිත් ණය ගන්නවලු... අපිත් රටට ණය ගත්තු රටවල් සමග කතාකර ණය ප්‍රතිව්‍යුහගත කරනවලු... මෙරට අගාධයට වැටුනේ 1977 සිටලු... එහෙනම් මොන එහෙකටද රාජපක්ෂලාට ඇඟිල්ල දික්කරන්නේ..?
ගෝඨාභයගේ ලියුම් දැන් ලෝකයේ කිසිම තැනක ගණන් ගන්නේ නැහැනේ...
බමුණා කොහොමද දැන් සැපද? ජාතිවාදයෙන් රට කරන්න ඇවිල්ලා අපේ සර්ට දැන් යන එනමං නැතිවෙලා... පව්...!
පූටින් කියන්නෙත් පිස්සු ඔල්මොරොන්දම් කාරයෙක්? ලියුම් අරන් ගියා කියලා වැඩක් වෙන එකක් නැහැ. ගිය කට්ටියම සවාරියක් ගහලා එයි.
ඇයි රනිල් මහත්තයා ආපු ගමන් කීවේ ඇමෙරිකාවෙන් හැකි සෑම උපකාරයක් කරනවා කිව්වා කියලා. කෝ දැන් ඒවා...? ඒ ආධාර තවම මග එනවා ඇති.. රාජපක්ෂ මහත්තයා එක පාරක් තෙල් ළිං හාරලා තෙල් අරන් ශ්‍රී මහා බෝධියටත් පූජා කළානේ කෝ ඒ ළිඳ දැන්..? ඒක පාදා ගත්තා නම් හරිනේ.. මිනිස්සු මුලා කරපු තරම්.. දැන් පුටින් සරණ හොයනවා. රටකට ගිය කලක්....
ජෙප්පො කවදත් කළේ රජයේ ඉන්න පක්ෂයට රට කරගෙන යන්න බැරි විදියට අගාධයට තල්ලු කිරීම. හැම දෙයකම අඩුවක් පෙන්වමින් පාරට බැස්ස එක... එයාගෙන් අහන්න කැමැති වසර ගාණක සිටම ක්‍රියාශීලි පාක්ෂිකයෙින් ලෙස උන්නට, මොනවද කළේ කියලා. රටට ඕනේ නැහැ අඩු තරමින් තම පක්ෂයට? බැන බැන රට පුරා ගියා ඇරෙන්න. රටක් ගොඩ ගන්නේ කොහොමද? ලැජ්ජා වෙන්න, දශක 5ක් තිස්සේ තමුන්ලාගේ සංවිධානයේ පන්ති 5 වත් හරියට කර ගන්න බැරි වුණු එකට. මොන දේ කළත් වැඩක් වුණාද? ගෝඨා ගෝ හෝම් කිව්වා.. ගියාද? පණ බයේ උන්නු නාමලුත් ආයේ වැඩ පටන් අරන්. ඒ වැඩයි නතර කරන්න ඕනෑ.
අර්බුදය පටන් අරන් මාස 4යි. දැනුයි යන්න මතක් වෙලා තියෙන්නේ. ඡන්දයක් ලං උනාම එන්නකෝ ගෙවල් පැත්තට. අපිත් මතක් කරලා දෙන්නම්.