(නාලක සංජීව දහනායක)
පාස්කු ඉරුදින එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා ප‍්‍රහාරය පිටුපස සිටින බලවේගවලට දඬුවම් කිරීමට ස්වාධීන පරීක්‍ෂණ කොමිසමක් කඩිනමින් පත්කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට තීරණය කළ බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (7) පැවැසීය.
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කළේය.
පාස්කු ඉරුදින ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය එල්ලවී මේ වනවිට මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්‍ෂණයක් සිදුනොවන බව පෙනෙන්නට ඇතැයි ද විපක්‍ෂනායකවරයා කීය.
එබැවින් වැරදිකරුවන්ට දඩුවම් දීම සඳහා රජය ඉක්මණින්ම තීන්දුවක් ගත යුතු බව කී අතර මේ තත්ත්වය තවදුරටත් ඇදෙන්නට දිය නොහැකි යැයි ද විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන කිතුණු ආගමික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමඟ කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායකවරයාගේ නිල නිවසේදී අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවද විපක්‍ෂනායකවරයා කීය.
ඡායාරූප - ඉෂාන් සංජීව

COMMENTS
ඒ එක්කම වැලිවේරියේ, තාජුදීන්ගේ, රතුපස්වල, වැලිකඩ, කොළඹ හිටපු යාචකයින්ගේ, කප්පම් ගන්න අතුරුදහන් කළ දරුවන්ගේ, එක්නැලිගොඩගේ වගේම අනෙකුත් අභූත සිදුවීම් පිළිබඳ නිර්මාණය වුණු කතන්දර ගැන හොයන්නත් කොමිසම් පත්කරමු නේද අපේ මහත්තයෝ?
සිරිමල් ඔයා සමනලයෙක් නේද?
තවතවත් කොමිෂන් පත්කිරීමෙන් වෙන්නේ සිද්ධිය තවත් යටවීම පමණයි. මෙයට දශක කීපයකට පෙර එක් කවියෙක් නිසිලෙසට කිසිවක් නොකෙරෙන කොමිෂන් පත්කිරීම උපහාසට ලක්කර තිබුණේ. හොද්ද ළුෑණුවැඩි නිසා අඹුවට ගෙහිමියා සැරවූ හැටි... බැද්ද මාළුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටි... රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කල හැටි... නැද්ද තව කොමිෂන් සභාවට කිව්වේ..?
මාර හොඳ මනුස්සයෙක්නේ කව්ද බොලේ මේ? මෙයාව රටේ නායකයා කළා නම් රට සුරපුරයක්නේ.. මැරිලා යලි ඉපදුණු අය මෙහෙම කියයි.
කට කහනවට කියනවද, මලමිනී එක්ක දේශපාලනය කරනවද? ඔබතුමා.
2015ට පෙර එවකට රජකම් කළ රාජපක්ෂ පවුල විසින් අරලියගහ මන්දිරයේ වැඩ වසමින් කෑමට බීමට වැය කළ මුදල වන රුපියල් කෝටි 400 කටත් වැඩි මුදල 2019 අවසන් වීමට පෙර ගෙවන ලෙස අදාල ආයතන විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇත. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හිඟමුදල් ගෙවීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පසුගිය 06 වෙනිදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව 2015ට වර්ෂයට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා ගන්නා ලද භාණ්ඩ හා සේවා සඳහා රු. 4,414,615,343,.02 ක එනම් රුපියල් හාර බිලියන හාරසිය දාහතර මිලියන හයසිය පහලොස් දහස් තුන්සිය හතලිස් තුනයි ශත දෙකක වටිනා හිඟ කොන්ත්‍රාත් බැඳීම් නිරවුල් කිරීම සඳහා, ලබා දීමට ඇති වට්ටම්ද ලබාගෙන අදාල ආයතන 259ක් වෙත රු. 3,631,434,222,.02ක් එනම් රුපියල් තුන් බිලියන හයසිය තිස් එක් මිලියන හාරසිය තිස් හතර දහස් දෙසිය විසි දෙකයි ශත දෙකක මුදලක් සියලුම හිඟ කොන්ත්‍රාත් බැඳීම් නිරවුල් කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. යකුනේ මේ ගෙවන්න යන්නේ මැදමූලනයේ බූදලයෙන්ද? නැතිනම් සිරිසේනලාගේ හාල් මෝලෙන්ද?
කොමිසම් අවශ්‍ය නැහැ. ඔබතුමා හොඳ දක්ෂ පෙරකදෝරු මහතෙක්නේ? වැරදිකරුවන් පිළිබඳව පැහැදිලි සාක්ෂි තිබෙනවා නම් කෙලින්ම නඩු පවරන්න. ඔය කොමිසම් පත්කළාම ඕවාට කෝටි ගණන් ජනතා මුදල් වැයවෙනවා. අන්තිමට වරදකාරයන් සොයගත්තත් දඬුවම් කරන්න කොමිසමට බලයක් නැහැ.