(ඩයනා උදයංගනී)
ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 26 වැනි දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.
ජාතික ආරක්ෂාව, අධ්‍යයනය, සෞඛ්‍ය, පරිසරය ආදී සෑම අංශයක් කෙරෙහිම එහිදී අවධානය යොමු කර තිබෙන බව හේරත් මහතා සදහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ ජ.වි.පෙ පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර

COMMENTS
ඒක නම් එළි දැක්කුවේ නැතත් කමක් නැහැ. ඒ මොකද ඒවා ඔක්කොම් හිස් ලියවිලි බව අපි අත්දැකීමෙන් දන්නවා.
අනේ රතුමල්ලියේ පහත සදහා යෝජනාත් ඔහෙලගෙ ඔය කියන හොටප්පරේට ඇතුලත් කරනවාද ?? 1).අපි බලයට ආපසු වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම සරසවිවලින් " අන්තරේ " තහනම් කර සරසවිවල වැඩකටයුතු කරදරයකින් තොරව කරගෙන යාමට ක්‍රියා කරනු ලැබේ.. තව යෝජනා තිබෙන බැවින් දැනට මෙම යෝජනා ඔහෙලගෙ ඔය අටමගලේට ඇතුලත් කරනවාද දැනගනුමට කැමැත්තෙමු.
මහී, රවීන්ද්‍ර, අවුරුදු 70ක් තිස්සේ රට කරවපු අය දුන්නු පොරොන්දු ඉෂ්ට කළාද? ජාතික ජන බලවේගයේ මවර ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නේ මේ රටේ ඉහළම බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු විවෘත වෘත්තිකයන් එකතු වෙලා... රට ගොඩනගන ප්‍රායෝගික වැඩපිළිවෙල එයයි.
උතුර, දකුණ මාරුවෙච්ච ජේවීපි හැත්තට මොන ප්‍රතිපත්ති ප්‍රකාශනද?
කවුද "ප්‍රතිපත්ති ප්‍රකාශය" හදලා දුන්නේ? අරලිය මන්දිරෙන්ද? මොකද මෙතුමාට අරලිය මන්ධිරේ පිහිට නැතුව කතාවක්වත් කරගන්න බැහැනේ?
මෙයාලා එළි දකිනකොට පෙරහැර ගිහින් ඉවරයි.
ඊට පෙර එකතුකරගත් අයිඩෙන්ටි කාඩ් ටික ආපහු දුන්නොත් නේද හොඳ?
අවුරුදු 71ක් කොළ, නිල් අමන පාලකයින්ට කඩේ ගිය වහල් මානසිකත්වයෙත් හෙබි මෝඩයින්ට මේවා දිරවන්නේ නැති වුණාට බුද්ධියක් තියෙන මිනිසුන් සත්‍යය අවබෝධ කරගෙන අවසන්, බන්ධනාගාරෙ සිරකරුවන් මරපු, රතුපස්වල අහිංසකයන් මරපු, කටුනායක රොශේන් චානක, හලාවත අැන්ටනි ප්‍රනාන්දු, තාජුඩීන්, ප්‍රදීප් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, උපාලි තෙන්න්කෝන්ගේ කකුල් කඩපු, සිරිපාදෙ ඝන්ඨාරෙ, ඩොලොස්මහේ පහන උස්සන යුගයක්ද ඕනේ...?
ප්‍රතිපත්තිත් එකම දවසේ ප්‍රකාශයට පත් කරන්න ඕනේ කියලා නීතියක් ගෙන එන්න ඕනේ. නැතිනම් එක්කෙනුගේ ප්‍රතිපත්ති බලලා අනිකා ප්‍රතිපත්ති හදා ගන්නවා. සජිත්ට ප්‍රතිපත්තිය නැති බව "සටන" වාද සභාවේ කියා වුනා. එය හේතු ඇතිව සහබාගි වූ අය පෙන්වූවා.
ජවිපෙ නායකයන් මාලිමාව තෝරා ගැනීම විශිෂ්ඨ තීරණයක් මොකද මේ ගොල්ලන්ගේ වයඃ කල්‍යාණිය දැන් පිරිහිලා ඒක නිසා තිබුණ සීනුව ඒ අතට මේ අතට වනා ගන්න කණගාටුයි දැන් ජවය බලය එඩිය හීන වෙලානේ. ඈවරයි දෑවරයි තීන්දුයි මෙදා පාරත් ප්‍රතිශතය රැදෙන්නේ පළමු දශකයේ මධ්‍යටත් ටිකිරි සොච්චමක් පහලින්.