පාර්ලිමේන්තු සභා ගැබේ පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවය නිසා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් විසින් පොදු දේපළ වලට හානි කිරීම සහ පොලිස් නිලධාරීන්ට පහර දීම යන සිද්ධින් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) වැලිකඩ පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ආචාර්ය ආශුබෝද මාරසිංහ, ජේ.සී. අලවතුවල , මුජිබර් රහුමාන් සහ සන්දිත් සමරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය නීතීඥවරුන් සමඟ පැමිණ මෙසේ පැමිණිල්ල ඉදිරිපත් කළේය.
ඡායාරූප හා විඩීයෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා

COMMENTS
අමුතුවෙන් ආයේ සාක්කි ඕන නැහැ. එදා ආපු පොලිස් නිලධාරීන් විතරක් හිටියහම ඇති ...
පොලිස් නිලදාරීන්ට පහර වැදුනා නම් පහර කාපු පොලිස් නිලධාරීන් ඕනේ පැමිණිල්ල දාන්න. මේ කොහෙවත් හිටපු හල්පාරුවෝ පැමිණිලි දාලා වැඩක් නැත...
ඊට කලින් පිහියක් අරන් ආපුඑක අදාලම නැද්ද.?
දැන් ඉතින් ඕවා පස්සේ දුවනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ මෙයාලට